Image

අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව 13 සහ 14 දෙදින යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් එම දිනයන් දෙකෙහි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා  දන්වා තිබේ.

මෙම කාල සීමාව තුළ සිදුව සුරා අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත ක්ෂණික ඇතුම් අංකය වන 1913 දුරකථන අංකය භාවිත කරන ලෙසත් අදාළ නිවේදනය මගින් දන්වා තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න