අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකිරීමත්,
එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීම සඳහා අදාළ වෛද්‍ය අධිකාරිවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමත් යන ඉල්ලීම් මුල්කරගනිමින් පසුගිය සතියේ දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සමස්ත නැගෙනහිර පළාතේ ම ආරම්භ කරන ලද වැඩවර්ජනය, තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර, මෙතෙක් එම ගැටලුවට සාධාරණ හෝ සාධනීය විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම හේතුවෙන් නැවත එම වැඩ වර්ජනය අද (19) උදෑසන 08.00 සිට ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුව අද උදෑසන 08.00 සිට නැගෙනහිර පළාතේ සියලු ම රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන අතර, එහි දී සියලු දෛනික සහ සාමාන්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක නොවනු ඇත.
වැඩවර්ජන කාලය තුළ දී හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු යොදා ඇත.
මාධ්‍ය කමිටුව - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

