අද (2)1 වන දින විපක්ෂය විසින් මෙහෙයවනු ලබන විරෝධතාව පිළිබඳ මෙරට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රකාශන දිරි දීම් සහ විරොධතා දක්නට ලැබුණ ද විදෙස් මාධ්‍ය මේ පිළිබඳ ලොකු අවධානයක් දක්වා ඇති බවක් නොපෙනේ.
පැහැදිලිව ම මේ පිළිබඳ අන්තර්ජාතික ප්‍රකාශන සොයා ගැනීම තරමත් දුශ්කරවිය. විශේෂයෙන් ම ප්‍රධාන විදේශ මාධ්‍ය වේදිකා තුළින් කිසිවක් සොයාගැනීමට නොහැකි විය.
ආර්ථික ස්ථාවරත්වය සඳහා එහි ඇති බල පෑම
නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින නොවිසඳුණු දුක්ගැනවිලි සහ ඉටු නොවූ පොරොන්දු මහජන විරෝධතා ඇතිවීමේ ප්‍රවණතාවකට ඉඩ පාදා ඇති බව නම් ඔවුන් පෙන්නවා දී තිබෙනවා. මෙතෙක් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විවෙචනාත්මක විමසුමක යෙදෙන ජාත්‍යන්තර සිවිල් සංවිධාන ප්‍රකාශ කරන්නේ මහජන විරෝධතා පිළිබදව ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මෙහි දී වැදගත් මිනුම් දණ්ක්වනු ඇති බවයි.
නොවැම්බර් 21 රැලිය සහ විරෝධතා හමුවෙ රජය දක්වන ඉවසීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම කෙරෙහි ඇති ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාවන් තවදුරටත් උරගා බැලීමෙ මිනුමක් ලෙස ද මෙය සලකන බවක් පෙනේ.
විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් මෙන්ම ආර්ථික විශ්ලේෂකයින් මෙහි දී සැලකිලිමත්වන්නේ මින් සිදුවිය හැකි ආර්ථිකකමය බල පෑම යි. ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට උත්සාහ කරන අවස්ථාවක, මෙවැනි මහා පරිමාණ විරෝධතාවකින් ආයෝජකයින්ට ඍණාත්මක සංඥා යැවිය හැකි බවට ජාත්‍යන්තර නිරීක්ෂකයින් කනස්සල්ල පළකරමින් සිටිනවා. එබැවින් විරෝධතාව දේශපාලන ප්‍රකාශනයක් වුවත් ආර්ථික ස්ථාවරත්වය සඳහා එහි ඇති බල පෑම ප්‍රධාන සාධකයක්වනු ඇති බවයි සදහන්වන්නේ.
මහජන අවශ්‍යතාවට වඩා බලය පිළිබඳ දේශපාලන සුදුව
මෙහිදී විදේශ විවරණවල තවත් වැදගත් අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ විපක්ෂයේ බෙදී ගොස් ඇති ස්වභාවය යි. රැලිය සඳහා පක්ෂ කිහිපයක් එක්වන වන බවක් පෙනෙන්නට තිබුණ ද, මෙම සන්ධානයේ දිගුකාලීන පැවැත්ම අවිනිශ්චිත බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ. ඊට හේතුවී ඇත්තේ මහජන අවශ්‍යතාවට වඩා බලය පිළිබඳ දේශපාලන සුදුවක ස්වභාවක් මේ තුල දක්නට ලැබිම යි.
ජාත්‍යන්තර මාධ්‍ය අවධානය සීමිත වුවද, අද (21) විපක්ෂ විරෝධතාව රජයට වැදගත් ආකාර කිහිපයකින් බලපෑම් කළ හැකිය. එහි බලපෑම රඳා පවතින්නේ ජනකායේ ප්‍රමාණය, මහජන හැඟීම් සහ ආණ්ඩුව තත්වය හසුරුවන ආකාරය මත බවයි විශ්ලේෂකයින් දක්වන්නේ. රජය විසල් ජනවරමක් ලබා පැමිණිය ද වසරක් ඉක්ම යෑමත් සමග විශාල ජනතාවක් විපක්ෂයට එක්කරගත හැකි වුවහොත් රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අතෘප්තිමත් බවට ප්‍රබල සංඥාවක් ඉන් සැපයිය හැකි ය. එමගින් රජයේ මහජන ප්‍රතිරූපය දුර්වල කළ හැකි අතර ඊට ඉදිරියේ දී පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමට මග පාදනු ඇත. මේ විරෝධතාව හමුවේ ලැබෙන බල පෑම රජයේ ඇතැම් තීරණ සමාලෝචනය කිරීමට හෝ වේගවත් කිරීමට හේතුවක් කරගත යුතුව තිබේ.
වර්ගවාදී හෝ ආගම් වාදී අන්තවාදීන්
විරෝධතාව තුලින් ජීවන වියදම, පාලනය හෝ වගවීම යනාදි ගැටලු ඉස්මතු කරන්නේ නම්, රජය ඊට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට යොමුවිය යුතු වේ. ගැටලු විසඳීමෙන් හෝ ජනතාවට සවන් දෙන බව පෙන්වීමට නව ප්‍රතිපත්ති පියවර ප්‍රකාශයට පත් කිරීම ඉක්මනින්ම සිදු කළ යුතුව තිබේ .
කෙසේ වෙතත් මෙම විරෝධතාව සුළුවෙන් තැකිය හැකිදෙයක් නොවනු ඇත. මෙවැනි අවස්ථාවල අවස්ථාවාදී කණ්ඩායම් එමගින් සිය අපේක්ෂාවන් ඉටුකර ගැනීමට උත්සාහ ගැනීම භයානක වන්නේ ඔවුන් බොහෝ විට වර්ගවාදී හෝ ආගම් වාදී අන්තවාදීන් වීමයි. විපක්ෂය ද මොකාගේ හෝ හිස්වලින් නුගේගොඩ පිරවීමට ගන්නා උත්සාහය තවත් භයානක අනතුරකට මග පාදන්නක් වනු ඇත. කෙසේවෙතත් 21 (අද) ආණ්ඩුව සහ විපක්ෂය කටයුතු කරන ආකාරය ඉදිරි අනාගතය පිළිබඳ බොහෝ දේවල් තිරණය කරනු ඇත.
(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)
Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation
Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..

