අග්‍රාමාත්‍යවරිය සහ  ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ සඟවන බව අපිට දැනුණා - තුෂාර කුරේ

අග්‍රාමාත්‍යවරිය සහ  ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ සඟවන බව අපිට දැනුණා - තුෂාර කුරේ

අග්‍රාමාත්‍යවරිය සහ  ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ දෙයක් සඟවන බව ප්‍රතිසංස්කරණ ආරම්භයේ සිට ම වැටහුන බැවින් කීප වරක්ම මෙම මොඩියුල අප වෙතට ලබා දෙන්නැයි  ඉල්ලා සිටිය ද ඒය කිසිදු ආකාරයකින් ලබා නොදුන් බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සභාපති තුෂාර කුරේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන සම්බන්ධයෙන් එම සංගමය අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ තුෂාර කුරේ...

E budy කියන්නෙ  එකිනෙකා හඳුනා ගන්න වෙබ් අඩවියක්

''නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන දැඩි මතයක අපි සිටියා. එදා ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වුණ ධවල පත්‍රිකාව අකුළා ගනිව් කියලා එදා රජය අපහසුතාවයට පත් කළේ දැන් මේ ආණ්ඩුවේ සිටින උදවිය. අග්‍රාමාත්‍යවරිය  ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ දෙයක් හංගනවා කියලා අපිට මුල ඉඳන්ම තේරුනා ..අපි කීප වරක්ම අපේ අතට මේ මොඩියුල ටික දෙන්න කියලා ඉල්ලුවා... කිසිම විදියකින් ඒවා අපේ අතට දුන්නේ නෑ. දැන් ඔය ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන පිරිස් කවුරුන් හෝ මෙහෙයවනවා. E budy කියන්නෙ සාමාන්‍ය එකිනෙකා හඳුනා ගන්න වෙබ් අඩවියක්. හය වසර දරුවෙකුට තමයි මේ වෙබ් අඩවිය දෙන්න ගියේ. අපේ රටේ අධ්‍යාපන සහතික  ලෝකේ ඕනම රටක පිළිගන්නවා. මේ ගේන්න යන අධ්‍යාපනය ක්‍රමය ලෝකය රටවල් ඒ විදිහට පිළිගනීවිද කියන සැකය අපි තුළ තිබෙනවා.

ගුරුවරු දැනුවත් කර තිබුණෙ නැහැ

ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගයමය ප්‍රධාන ලේකම් දිවානී හෙට්ටිගේ අදහස් දක්වමින් පැවසුවේ මේ මොඩියුලර්වල තිබුණ ලින්ක් පිළිබඳව ගුරුවරුන්වත් හරියට දැනුවත් කර නොතිබුණ බවයි.

''මේ කරපු වැඩෙන් පාසල් පද්ධතිය සම්පූර්ණයෙන් ම අඩාළ වුණා. අද විදුහල්පතිවරුන්ට කාල සටහනක් හදාගන්න විධියක් නෑ. රූට් මැප් එකේ සම්පූර්ණයෙන්ම හිස් කොටු තියෙන්නේ. ඒ කියන්නේ මේකේ වගකීමක් ගන්න කවුරුත් නෑ. ගුරු පුහුණු ක්‍රියාත්මක වුණාට  එය කිසිම විදියකින් ප්‍රමාණවත් නෑ. අධ්‍යාපන ආයතනය කළ සම්පත් පුහුණුවේ දී මේ කියන වෙබ් අඩවිය කවුරුත් දැක්කේ නැද්ද...? ආණ්ඩුව කඩිමුඩියෙ ලකුණු දාගන්න ගත්තා. මේ ක්‍රමය සම්පූර්ණයෙන් ම ෆේල්.

මේ ප්‍රතිසංස්කරණවල දී අපි සෑම සාකච්ඡාවකටම ගියා. අපි කොයි තරම් ඉල්ලුවත් මේවල ඉදිරි  වැඩ කටයුතු පිළිබඳ අපිව දැනුවත් කළේ නෑ අපිට මොඩියුල ලබා දුන්නේ නැහැ.''

 

සුරංජිත්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න