අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වැටුප් සහ දීමනා ලැයිස්තුව හෙළි කරයි

අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වැටුප් සහ දීමනා ලැයිස්තුව හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වර්තමානයේ දී ගෙවන වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (19) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම කරුණු ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ පරිදි, මන්ත්‍රීවරයෙකුට මාසිකව ලැබෙන ප්‍රධාන දීමනා:

මූලික දීමනා සහ කාර්යාල පහසුකම්

*මූලික දීමනාව (වැටුප): රුපියල් 54,285

*කාර්යාල දීමනාව: රුපියල් 100,000

*දුරකථන දීමනාව: රුපියල් 50,000

*ප්‍රවාහන දීමනාව: රුපියල් 15,000

*සංග්‍රහ දීමනාව: රුපියල් 1,000

රියදුරු සහ ඉන්ධන දීමනා
මන්ත්‍රීවරයකු රජය මඟින් රියදුරෙකු ලබා නොගන්නේ නම්, ඒ සඳහා රුපියල් 3,500ක මාසික දීමනාවක් හිමි වේ. ඉන්ධන දීමනාව ගණනය කරනු ලබන්නේ අදාළ මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගනිමිනි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් නියම කර ඇති අතර, සෑම මසකම පළමු දින පවතින වෙළෙඳපොළ මිල අනුව එය මුදලින් ගෙවනු ලැබේ.

රැස්වීම් සඳහා ගෙවන දීමනා
පාර්ලිමේන්තු රැස්වීම් සහ කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වන මන්ත්‍රීවරුන්ට දෛනිකව පහත දීමනා හිමිවන බව ද මෙහිදී අනාවරණය විය:
*පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව: දිනකට රුපියල් 2,500
*කාරක සභා රැස්වීම් දීමනාව: දිනකට රුපියල් 2,500

පාර්ලිමේන්තු වාර නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා ද මෙම දෛනික දීමනාව හිමි වන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න