රේගුවෙන් කන්ටේනර් එලියට පන්නපු එකටත් ආන්ඩුව වග කියන්න ඕන නෑ ලු.
කාලගුණ වාර්තා අනුව ආපදාව වලක්වා නොගැනීමටත් ආන්ඩුව වග කියන්න ඕන නෑ ලු.
බෙහෙත් හිගයට හෝ බාල බෙහෙත් ගෙන්වීමටත් ආන්ඩුව වග කියන්න ඕන නෑ ලු.
මොනාටද බං ඇත්තටම මේ ආන්ඩුව වග කියන්නෙ ?
මාලිමාව බලයට එද්දි ලස්සන ඇඩ් එකක් ටීවීවල පෙන්නුවා. පන්සලේ තමන් ඇඳපු චිත්‍ර ටික බලන්න බැරි වුනු සිත්තරාගෙ කතාව. බාල බෙහෙත් හින්ද ඇස් අන්ධ වුනා කිව්වා. කෙහෙලිය හිරේ ගියා. නලින්ද ආවා.
දැන් පාසැල් සිසුවියක් මියගිහින් තියෙනවා.
'පහුගිය ආන්ඩුවෙන් ඇණවුම් කරලා තියෙන්නෙ'
උත්තරේ ඒ තරම් සරලද? ජීවිත මේ තරම් සිල්ලරද?
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ කුමක් ද?
ඔන්ඩන්සෙට්‍රොන් නික්ෂේපණ සම්බන්ධව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, දෙසැම්බර් 16 වන දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් පවත්වන බව ය.
"මේ වන විට යම් සංකූලතාවයන් පැමිනුණේ මාන් ෆාමසූටිකල් කියන ආයතනය 2021 ඕඩර් එකකට, 2025 ලබා දීපු යම් කොටසකටත්, 2024 ඕඩර් එකකට, 2025 ලබා දුන්න ඕඩර් එකටත්... ඒ තිබුණ සාම්පල් කීපයකට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තිබුණේ, සාම්පල් 4කට. ඒ රියැක්ෂන් සම්බන්ධයෙන් NMRA ලැබ් එකේ පරික්ෂා කරගෙන යනවා. ඒ වගේම මේ මරණ දෙක සම්බන්ධයෙන් වෙන පරීක්ෂණයක් පවත්වමින් යනවා, මේ මරණ දෙකත් එක්ක තියන සම්බන්ධය මොකක් ද කියන එක ගැන," අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවක් සහ අවුරුදු 23ක් වයසැති තරුණියක් බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
'එන හැම ස්ටොක් එකේ ම සාම්පල් චෙක් කරන්න අවස්ථාවක් නැහැ'
කෙසේවෙතත් මෙරටට ඖෂධ ආනයනය කරන සෑම අවස්ථාවක ම එම තොගවල තත්ත්වය පරීක්ෂා කීරීමට මෙරට පහසුකම් නොමැති බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස තවදුරටත් කියා සිටියේ, ඖෂධය භාවිතයට ගත් විට යම් සංකූලතාවයක් ඇතිවුහොත් පරීක්ෂා කිරීම සිදුවන බව ය.
"රටට ආනයනය කරන ඖෂධවලින් 85%ක් ගෙන්වන්නේ ඉන්දියාවෙන් තමයි. NMRA එකේ ලැබ් එකේ තියෙන පහසුකම් අනුව එන හැම ස්ටොක් එකේ ම සාම්පල් චෙක් කරන්න අවස්ථාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඖෂධය භාවිතා කරමින් තිබිය දී යම්කිසි සංකූලතාවයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමයි, දැනට NMRA එකේ පරික්ෂණාගාර තුළ සිදුවෙමින් පවතින්නේ," ඔහු පවසයි.

