පොහොර හිඟය හමුවේ රජයෙන් තීරණයක්

පොහොර හිඟය හමුවේ රජයෙන් තීරණයක්

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මේ වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වී වගාවට පමණක් අමිශ්‍ර යූරියා පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පොහොර නිකුත් කිරීමේදී ඒ ඒ ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇත.පොහොර ගොවීන් වෙත නිකුත් කිරීමේදී කන්න රැස්වීම්වල තීරණ මත හෝ වී වගා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන ලද ගොවීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් අදාළ වගා භූමි ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මෙලෙස ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව පවතින පොහොර තොග කළමනාකරණය කර ගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට කටයුතු කරන ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී  තිබේ. 

 

|Adaderana

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න