පෝලන්ත බලධාරීහු අද (17) එරට ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත්හ.
එරට ගුවන් කලාපයේ සිදුකෙරෙන ආරක්ෂක ගුවන් මෙහෙයුම් ඊට හේතුවයි.
ඒ අනුව, එරට සෙෂූෆ් සහ ලුබ්ලින් යන ගුවන්තොටුපොළ දෙක තාවකාලිකව වසා දමා තිබේ.
යුක්‍රේන කලාප වෙත රුසියානු ෆෙඩරේෂණයට අයත් දිගු දුර ගුවන් බලකාය විසින් එල්ල කෙරෙන ප්‍රහාර හේතුවෙන් පෝලන්ත ගුවන් කලාපයේ ගුවන් ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/17/2026
(
මුලාශ්‍රය :
Two Polish airports closed temporarily over military operations, air agency says

