පොඩි එකාගේ ලියැවිල්ල

පොඩි එකාගේ ලියැවිල්ල

කළිඳු ගේ ප්‍රශ්නත් ප්‍රශ්න ද...?

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා සමග පසුගිය දා දෙරණ 360 ' වැඩසටහනේ දී කළිඳුට තිබුණු ' මාර ප්‍රශ්නය ' කුමක් දැයි අපේ අත්තම්මා සීයා ගෙන් ඇසුවා ය.

එවිට අපේ සීයා ප්‍රකාශ කළේ සියල්ල දත් කළිඳු පුතා බිමල් පුතා ගෙන් ඇසූ හැම ප්‍රශ්නයක් ම වාගේ මාර ප්‍රශ්න බවයි.

එවිට අපේ අයියා ප්‍රකාශ කළේ කළිඳු අයියා බිමල් මාමා ගෙන් ඇසූ සෑම ප්‍රශ්නයක් ම මාරම ප්‍රශ්න යැයි කියා ය. ඒත් ඒවාට බිමල් මාමා මනා සංයමයෙන් උත්තර දුන් බව ද ඔහු අවධාරණය කළේය.

එවිට අපේ ලොකු අක්කා ප්‍රකාශ කළේ කළිඳුට තිබුණු මාරම ප්‍රශ්නය, පාසල්වල අවම පහසුකම් වත් නැතිකොට එකී මෙකී නොකී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි කියා ය.

එවිට අපේ අත්තම්මා කීවේ ලොකු දුවට කළිඳු පුතා ගේ මාර ප්‍රශ්නය ගැන හොඳින් අවබෝධ වී ඇති බවය. විපක්ෂ මාමලා කියන ඕනෑම මනස්ගාතයක් හිස් මුදුනින් පිළිගන්නා අපේ ලොකු මාමා ප්‍රකාශ කළේ, කළිඳු පුතා ඇසූ ඒ ප්‍රශ්නය මේ මහපොළොවේ යථාර්ථය නොවේදැයි කියා ය.

එවිට අපේ අක්කා ප්‍රකාශ කළේ කන්නන්ගරයන් එහෙම හිතුවා නං නිදහස් අධ්‍යාපනය, මේ රටේ ක්‍රියාත්මක කිරීමට කිසිදා නොහැකි වන බවය.

එවිට එය අනුමත කරමින් අපේ ලොකු තාත්තා ඇසුවේ බීමට වතුර නැති; වැසිකිළි පහසුකම් වත් නැති ග්‍රාමීය පාසල් සෑහෙන ප්‍රමාණයක් අදටත් මේ රටේ පවතින බව කළිඳුලා දන්නවා දැයි කියාය..!

 

පමිත ආර්. ලියනගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න