රනිල් වික‍්‍රමසිංහට අදාළ නඩුව අද (ජනවාරි 28) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතව ඇත.
එම නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලැබී ඇත.
සමන් ඒකනායක සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තා සහ සියලුම ලේඛන දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. එම උපදෙස් මත 26වන දින රාත‍්‍රියේ සිට ම සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා විය. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 26වන දා රාත‍්‍රියේ පොලිස් කණ්ඩායමක් ඒකනායක ගේ පැරණි පදිංචි ස්ථානය වෙත ගිය ද ඔහු එහි රැඳී සිට නොමැති බවයි. මේ හේතුවෙන් ඔහුව සොයා ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
CIDයේ තොරතුරු පිටතට...?
කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වූ වහාම ඒ පිළිබඳ තොරතුරු ඔහු ගේ නීතිඥ පාර්ශ්වය වෙත කාන්දු වී තිබේ ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතු වේ. මීට පෙර ද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් නොකිරීමට සහ නඩුව මෙහෙයවන නීතිඥවරුන් වෙනුවට වෙනත් පිරිසක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම බඳු සැකකටයුතු ක‍්‍රියාදාම වාර්තා වී තිබුණි. පසුව මෙම සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් දැනුවත් වී ඇත. මෙම සැකකටයුතු ක‍්‍රියාවලිය හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වේ. විශේෂයෙන් ම නීතිපති දෙපාර්තමේන්තුව හරහා සමන් ඒකනායක වෙත මෙලෙස උපදෙස් ලබාදීම හෝ තොරතුරු කාන්දු වීමක් සිදු වූවා ද යන්න පිළිබඳව අපට නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි ය. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇති අතර නඩුව හෙට දින කැඳවීමට නියමිතව ඇත.
ඕනෑම පුද්ගලයකුට නීතිපතිවරයාව ප‍්‍රශ්න කළ හැකියි
රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධ සිද්ධියේ දී ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය මත නීතිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතා පවා සංවිධානය විය. ඊට අමතරව තවත් හේතු ගණනාවක් ඒ සඳහා බලපෑවේ ය. එවැනි පසුබිමක රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා හමුවී සිය සහයෝගය පළ කළහ. එම අවස්ථාවේ දී නීතිපතිවරයා ප‍්‍රකාශ කළේ තමන් නීතියට ඉහළින් නොව නීතියට යටත්ව කටයුතු කරන බවයි. මෙය ඉතා වැදගත් ප‍්‍රකාශයකි. මන්ද මීට පෙර ලසන්ත වික‍්‍රමතුංග ගේ සිද්ධිය වෙනුවෙන් අප විරෝධතාවල නිරත වූ අවස්ථාවේ දී පවා නීතිඥයන් මෙන්ම නිලධාරීන් හැසිරුණේ නීතිපතිවරයා නීතියට ඉහළින් සිටින බව පෙන්වමිනි. නමුත් දැන් නීතිපතිවරයා ම පවසන්නේ තමන් නීතියට යටත් බවයි. එහි අර්ථය වන්නේ ඕනෑම පුද්ගලයකුට නීතිපතිවරයාව ප‍්‍රශ්න කිරීමට අයිතියක් ඇති බවයි. නීතිපති දෙපාර්තමේන්තුව යනු තවත් එක් රජයේ ආයතනයක් පමණි. එබැවින් සාමාන්‍ය ජනතාව ලෙස මෙන් ම වෘත්තිකයින් ලෙස ද ඔහුව ප‍්‍රශ්න කිරීමටත් සාධාරණ හේතු මත පදනම්ව වෘත්තීය මට්ටමෙන් විවේචනය කිරීමටත් අපට පූර්ණ අයිතියක් ඇත.
සංවිධානාත්මක මඩගැසීමේ ව්‍යාපාරයක්
එබැවින් රනිල් වික‍්‍රමසිංහ ගේ නඩුවේ අලුතින් සැකකරුවකු වීමට නියමිතව සිටි සමන් ඒකනායක පිළිබඳ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් කාන්දු වූයේ ද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතුය. සමන් ඒකනායක මෙම නඩුවේ සැකකරුවකු වන බව නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් මුලින් ම ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ අධිකරණයට පැමිණි දින ම බව ද මෙහි දී අවධාරණය කළ යුතු ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදට නියමිත නඩු වාරයට ප‍්‍රථම අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වේද යන්න පිළිබඳව අප විමසිල්ලෙන් පසුවිය යුතු ය. එමෙන් ම නඩු විභාගයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන කරුණු මොනවා ද යන්න පිළිබඳව ද අප අවධානය යොමු කරමින් සිටිමු. මෙම නඩුවට අදාළව දැනට පෙනෙන්නට තිබෙන ප‍්‍රධාන කරුණක් වන්නේ මෙහි පාර්ශවකරුවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන සංවිධානාත්මක මඩගැසීමේ ව්‍යාපාරය යි.
ශානිට සහ දිලීපට මඩ ප්‍රහාර
ශානි අබේසේකරට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපහාසාත්මක ප‍්‍රචාර දියත් වන අයුරු දක්නට තිබේ. එමෙන්ම දිලිප පීරිස් ට එරෙහිව ද එවැනිම මඩගැසීමේ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වේ. ඔහු පුද්ගලයින් පිරිසක් සමග තිරිපති වන්දනාවේ ගිය බවට පළවන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍ය අසත්‍යතාව අප තවමත් නොදන්නා අතර ඒ පිළිබඳව ඔහු විසින් පිළිතුරක් ලබාදිය යුතුව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට නොහැකි වුව ද පොලිස් මූලස්ථානය කරුණු තහවුරු කළේ ය. ඒ අනුව සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පිටත්ව ගිය ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත.
මූලාශ්‍ර

