පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කිරීමට අධිකරණ කොමිෂන් සභාව තීන්දු කර ඇත.
ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.
ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක්, මෙම වැඩ තහනම් කිරීමට පාදකවී තිබේ.
විදේශ ගමන් තහනම් ඉවත් කිරීම්, නඩු වලට ඉදිරිපත් වූ භාණ්ඩ නිදහස් කිරීම් යනාදියේදී සිදුව ඇතැයි කියන විෂමාචාර පිළිබඳව එම විමර්ශනය සිදුකෙරේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ මහේස්ත්‍රාත්වරයෙකු මෙම මහේස්ත්‍රාත්වරයා වැල්ලවායට මාරුවීම් ලබා සිටි අතර ඔහු ඇතුළු මහේස්ත්‍රාත්වරුන් කොළඹ සිට දුර බැහැර පළාත් වලට මාරු කිරීම පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විවේචන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත එල්ල කර තිබිණි.
(මොනරාගල සුමනසිරි ගුණතිලක)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
