දෙහිවල සහ කොහුවල ප්‍රදේශයන් හී සිදුවූ වෙඩි තැබීම් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චන්ද්‍රානිට එරෙහිව ගොනු කළ නඩුව යළි කැඳවීමට දින නියම කරයි
හිටපු අමාත්‍යවරියක වූ චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (04) නියම කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේ ය.
විනිසුරුවරිය විත්ති පාර්ශ්වයට නියෝග කළේ, සංශෝධිත අධි චෝදනා පත්‍රයේ පිටපත් ලැබුණු පසු මූලික විරෝධතා ගොනු කරන ලෙසයි.
චන්ද්‍රානි බණ්ඩාරට අල්ලස් කොමිසමෙන් නඩු පැවරුවේ ඇයි?
පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඇයට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව පසුගිය මැයි 20 දා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබිය.
එම නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහි ව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ, චෝදනා 11 ක් එල්ල කර තිබිණ.
2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට ඉහත චෝදනා එල්ල වී ඇති ක්‍රියාවන් සිදු වී ඇතැයි එයින් චෝදනා කරයි.
කෙසේවුවද එදින විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට විනිසුරුවරයා නියම කළේ ය.
චන්ද්‍රානි බණ්ඩාර යනු කවු ද?
යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ, 2000 - 2001 කාලවකවානුවේදී ය.
ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.
ඉන්පසුව ඇය 2001 - 2004, 2004 - 2010, 2010 - 2015 සහ 2015 -2020 කාලවකවානුවලදී පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
ඇය 2015 වසරේ සිට වසර කිහිපයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ සභාපතිත්වය දැරුවා ය.
The leader.lk
ජනතාවගෙ බලාපොරොත්තු ඉටු කරන්න ආණ්ඩුවට කාලයක් දිය යුතුයි - බන්ධුල ගුණවර්ධන
ජවිපෙ ප්‍රමුඛ මාලිමා රජය ජනතාවට ලබා දුන් බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා එම රජයට නිශ්චිත කාලපරිච්ඡේදයක් ලබා දිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වන බන්ධුල ගුණවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
එම අවස්ථාවේ දී තව දුරටත් කරුණු දක්වමින් බන්ධුල ගුණවර්ධන පැවසුවේ තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ජනතාව විසින් පැවති සියලු ම දේශපාලන පක්ෂ සහ පාට ක්‍රමවේද ප්‍රතික්ෂේප කර නව රටක් ගොඩනැංවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ තෝරාගෙන ඇති බවයි.
තමන් මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක දේශපාලන න්‍යායපත්‍රය වෙනුවෙන් පෙනී නොසිටින බව ද හෙතෙම අවධාරණය කළේ ය.
ජනපති ප්‍රධානත්වයෙන් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යයංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07වන දා පස්වරුවේ රැස් විය.
ජනපතිට ෆේස්බුක් හරහා අපහාස කළ වරදට මරණ දඬුවම
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.
ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා පවසා තිබේ.
2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ දැඩි සීමා පනවා ඇත.
මෙම තීන්දුව එය ටියුනීසියාවේ පෙර නොවූ විරූවක් බව සඳහන්.
මෙලෙස දඬුවම් නියම වූ වී ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට වන අතර, ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක්ය.
ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කළ බවයි. එය කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක් බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ටියුනීසියාවේ අධිකරණ විසින් අවස්ථා කිහිපයකදී මරණ දඬුවම් නියම කර ඇතත්, වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම තීන්දු ක්‍රියාත්මක කර නොමැත.
( aruna.lk)
Tunisian sentenced to death for Facebook posts criticising president
Tunisia man sentenced to death for social media posts seen as insulting to president
A court in Tunisia sentenced a man to death for Facebook posts seen as insulting to the president
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
ඒ,අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.
Ada derana.lk
ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ඉදිරිපත් වෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වන ලෙස නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් ද ඇතුළුව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීන ජනාධිපති නීතිඥවරුන් පිරිසක් විසින්
ජනාධිපතිවරයකු ගේ කටයුතුවල නිල නොනිල භාවයක් නැහැ - ජී. එල්. පීරිස්
ජනාධිපතිවරයකු ගේ කටයුතුවල නිල නොනිල භාවයක් පිළිබඳ වර්තමානයේ ගැටලුවක් ඇති වි තිබෙන බවත්, එය සපුරා ම මිථ්‍යාවක් බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් පැවසී ය.
ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වීමට Sanae Takaichi සූදානම්
Sanae Takaichi ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස පත්වීමට නියමිතව තිබේ.
ඒ, ජපානයේ පාලක පක්ෂය විසින් සිය පක්ෂයේ නව ප්‍රධානියා ලෙස Takaichi තෝරා පත් කර ගැනීමත් සමගය.
ෂිගේරු ඉෂිබා වෙනුවට අගමැතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට නියමිතය.
Takaichi poised to become Japan's first female PM after winning LDP poll
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් ලිබර්ටි ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට
රාමස්වාමි සිවරාජ් ලිබර්ටි ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂ සාමාජික පත්‍රය එම සමාගමේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල වෙතින් ලබාගත් අවස්ථාව
සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස 'තමිලන්' පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් (Ramasamy Sivarajah) මහතා පත්කර ඇත.
එම්. ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත්කළ සුප්‍රකට ''දවස'' පුවත්පත් සමූහයේ දමිල මාධ්‍ය පුවත්පත වූ ''දිනපති''පුවත්පතේ කර්තෘවරයා ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමෙන් අනතුරුව එවැනි තනතුරකට පත් වූ ප්‍රථම කර්තෘවරයා වන්නේ සිවරාජ් මහතාය.
1995 දී පුහුණු වාර්තාකරුවකු ලෙස ''වීරකේසරී'' පුවත්පතට සම්බන්ධ වූ සිවරාජ් මහතා, පසුව එමි.ටී.වී. හී නිෂ්පාදකවරයකු ලෙසද පසුව ''තිනකුරල්'' පුවත්පතේ උපකර්තෘවරයකු වශයෙන්ද සේවය කර තිබේ.
2009 වර්ශයේදී සුප්‍රකට ''උදයන්'' පුවත්පත් සමූහයේ සුඩරෝලි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වූ සිවරාජ් මහතා 2017දී ලිබර්ටි ප්‍රකාශන ආයතනට එක්විය.
ජාතික නිදහස් පෙරමුණේ අභිප්‍රාය විමල් වීරවංශ හෙළි කරයි
ජාතික නිදහස් පෙරමුණ ආරම්භයේ සිට ම වසර ගණනාවක් තිස්සේ මේ රටේ සහ ජාතියේ ඉරණම් කතාව ලියන සහ තීරණය කරන, ප්‍රඥාවන්ත භාවයත් ධෛර්යයසම්පන්න භාවයත් දෙකම එකට පිහිටා තිබෙන දේශපාලන ප්‍රවාහයක් යැයි ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ පැවසී ය.
ජෝර්ජියානු විරෝධතාකරුවන්ට පොලිසියෙන් ගම්මිරිස් ප්‍රහාරයක්
ජෝර්ජියානු ජනපති මදිරය ඉදිරියේ ඊයේ (04) කළහකාරී ලෙස හැසිරුණු විරෝධතා කරුවන් පළවා හැරීමට එරට කැරළි මර්ධන පොලිසිය 'ගම්මිරිස්' සහ ජල ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් 5දෙනකු පොලිස් අත්අඩංගුවට පත් විය. එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවති ඊයේ දිනයේ, විපක්ෂය විසින් දැවැන්ත උද්ඝෝෂණ රැළියක් සංවිධානය කර තිබිණි.
මිලියන 3.7ක ජනගහනයෙන් යුත් දකුණු කොකාසස් (Caucasus) ප්‍රාන්තයේ සියළු නගරසභා බලය දිනාගත් බව පාලක 'ජෝර්ජියානු සිහිනය' (Georgian Dream) පක්ෂය පැවසීය. එරට ප්‍රධාන විපක්ෂ දෙකම මැතිවරණයට සහභාගී වීමෙන් වැළකී සිටියහ.
මැතිවරණය අවසන් වීමට සුළු වෙලාවකට පෙර විරෝධතාකරුවන් පිරිසක් ටිබිලිසි (Tbilisi) අගනුවර පිහිටි ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජියානු පාලක පක්ෂය, රුසියානු ගැති ඒකාධිපතිවාදී රජයක් පවත්වාගෙන යන බවට ඔවුහු චෝදනා එල්ල කරති.
රජය පලවා හැරීම පිණිස බටහිර පක්ෂපාතී විපක්ෂ සන්ධානය පසුගිය වසරේ ඔක්තෝබරයේ සිට උද්ඝෝෂණ වල නියැලෙමින් සිටී. පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය, මැතිවරණ වංචාවක් බව ඔවුහු කියා සිටිති. මේ අතර, ඡන්ද මංකොල්ලයක් පිලිබඳ පාලක පක්ෂයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂ කියා සිටී.
බිඳී ගිය සෝවියට් සංගමයේ අළු මතින් නැගී සිටි බටහිර ගැති රාජ්‍යයක් වූ ජෝර්ජියාවේ එම සබඳතා, 2022 වසරේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙදරා ගියේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/5/2025
Georgian police clash, detain protesters as ruling party says it won local elections
ඩොනල්ඩ් ට්‍රම්ප්ටගේ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් වෙඩි තැබීමකින් මරුට
ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දක්වන අමෙරිකානු තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් (31) යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක උත්සවයක් අතරතුර වෙඩි තැබීමකින් මිය ගොස් ඇත.
විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද සංවිධානය කිරීමෙන් ප්‍රසිද්ධියට පැමිණි ඔහුගේ මරණය ගැන ජනාධිපති ට්‍රම්ප් ද සිය සංවේගය පල කරමින් ධජ අඩකුඹු කිරීමටද නියෝග කර තිබේ.
මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර නිශ්චිත තොරතුරු තවමත් අනාවරණ වී නොමැත.
newsfirst.lk
තජුඩීන්ගේ මෝටර් රථය පසුපසින් ගිය රථයේ කජ්ජා සිටි බව තහවුරුයි
රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කෙරේ.
කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවී නොමැත.
එවන් පසුබිමක තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් ගන්නා ජීප් රථයේ මිද්දෙණියේදී ඝාතනය වූ අනුර විදානගමගේ නැමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ පසුගිය දා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදී තිබුණි.
ඒ ඊට අදාළ සීසීටීවී දර්ශන පෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදීය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ රූපරාමුවල සිටින පුද්ගලයා කජ්ජා නැමැත්තා බවට තහවුරු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
කජ්ජා ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබේ.
ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඔහුගෙන් රඳවාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අතරතුරදීය.
සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් හෙළිකිරීම හේතුවෙන් කජ්ජා ඝාතනය කළ බව සැකකරු එහිදී පවසා ඇත.
තමාට එල්ලවන චෝදනාවලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිනුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් බැර කළ බවත් බැකෝ සමන් පිළිගෙන තිබේ.
එමගින් කජ්ජාගේ පවුලේ උදවිය සමග සබඳතාවක් ඇති කරගැනීමට තමන් උත්සාහ කළ බවද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.
තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිඳු උවමනාවක් නොවූ බවද එහිදී බැකෝ සමන් පවසා ඇති බව වාර්තා වේ.
මේ අතර කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව සම්පත් මනම්පේරිද විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.
ඔහු බැකෝ සමන්ගේ උපදෙස් මත ඝාතනයක් සඳහා ගිනිඅවි ලබා දුන්න ද ඒවා ලබාදුන්නේ කජ්ජා ඝාතන කිරීමට බව නොදැන සිටි බව ද සැකකරු පැවසූ බව පොලිසිය සඳහන් කළේය.
සම්පත් මනම්පේරි සිදුකරන ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසුවේය.
එමෙන්ම කජ්ජා ඝාතන කළ කාල වකවානුව තුළ සම්පත් මනම්පේරිගේ දුරකතන දත්ත වාර්තාවක් ද ලබාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් කජ්ජා ඝාතන කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට අනාවරණ වී නොමැති බව වාර්තා වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නිර්දේශ අවසන් අදියරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් රියන්සි අර්සකුලරත්නගේ කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරිම මේ වන විට අවසන් අදියරේ පසුවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ ය.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මෙම අදාළ නිර්දේශ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලබා දීමට නියමිත ය.
හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ, එම නිර්දේශ ලැබෙන දිනයක් කිව නොහැකි නමුත් නුදුරේදී ම ලැබෙනු ඇති බව ය.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නව පනත් කෙටුම්‍පත සැප්තැම්බර් වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ත් එහිදී පනත අහෝසි කිරීම බහුතරයෙන් සම්මත කරගන්නා බව ත් අමාත්‍යවරයා මීට පෙර ජුනි මාසයේදී සඳහන් කළේ ය.
එහිදී පනත අහෝසි කිරීමට අදාළව යෝජනාව අඩු ම තරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු කීය.
එසේ ම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) අහෝසි කිරීමට ද තවම දින වකවානුවක් කීමට නොහැකි බව ත් ඒ සඳහා පත්කළ කමිටුව මුණගැසී වැඩ කටයුතු ආරම්භ කිරීමට සිදුවීම මීට හේතුව බව ත් ඔහු කීය.
( Sachithra Perera - mawbima)
තාජුඩීන් ඝාතනයට කජ්ජා ඈඳා ගන්නේ ඇයි...? - හර්ෂණ රාජකරුණා පැහැදිලි කරයි
තාජුඩීන් ඝාතනය සඳහා පසුගිය දිනක ඝාතනයට ලක් වූ අරුණ විදානපතිරණ හෙවත් කජ්ජා සම්බන්ධ කරගන්නේ එම ඝාතනයට අදාළ නඩු කටයුතු තව දුරටත් පවත්වාගෙන යා නොහැකි යැයි පැවසීමට ද යන සැකයක් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡවෙක දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැළිගොඩ යන අයගේ ඝාතන සම්බන්ධයෙන් වුව ද තවමත් නිසි පරීක්ෂණයක් පවත්වන්නට ආණ්ඩුව අසමත් වී ඇති බවයි.
තායිලන්තයට අලුත් අග්‍රාමාත්‍යවරයෙක්
තායිලන්ත පාර්ලිමේන්තුව එරටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාපත් කරගෙන තිබේ.
ප්‍රබල ව්‍යාපාරිකයකු වන අනුතින් ච(ර්)න්විරකුල් (Anutin Charnvirakul) මෙලෙස තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙන අතර හෙතෙම, අවුරුදු දෙකක් ඇතුළත තායිලන්තයට පත්වූ තෙවැනි අග්‍රාමාත්‍යවරයා යි.
තායිලන්තයේ ප්‍රබලම දේශපාලන පැළැන්තිය ලෙස සැලකෙන ෂිනවත්‍රා පවුලේ, පෙතොන්ටාර්න් ෂිනවත්‍රා ධුරයෙන් නෙරපීමත් සමඟ මෙලෙස නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගැනිණි.
කාම්බෝජය සමඟ ඇති වූ දේශසීමා අර්බුදයේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ආචාර ධර්ම විරෝධී ලෙස කටයුතු කළේ යැයි චෝදනා කරමින්, පොතොන්ටාර්න් ෂිනවත්‍රා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට, තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අධිකරණය මීට සතියකට පෙර පියවර ගත්තේ ය.
ෂිනවත්‍රා ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ තායිලන්තයේ පැවැති සභාග ආණ්ඩුව ද විසිරී ගිය අතර, නව දේශපාලන ආරවුලක් නිර්මාණය විය.
අනුතින්ගේ, භූම්ජායිපතායි පක්ෂය හවුල් ආණ්ඩුවෙන් වෙන්ව ගොස් වෙන්ව තරග කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් සහාය සුරක්ෂිත කරගැනීමට සමත් වූ අතර, ඒ අනුව සිය පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය ද හිමි කරගත්තේ ය.
අග්‍රාමාත්‍ය ධුරයට අයකු පත්වුව ද තායිලන්තයේ දේශපාලන වියවුල අවසන් නොවනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ. මෑත ඉතිහාසය තුළ තායිලන්ත දේශපාලනයට, එරට අධිකරණයේ මැදිහත් වීමත්, වරින් වර සිදු වූ හමුදා කුමන්ත්‍රණත් නිසා එරට පවතින දේශපාලන වියවුල් තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.
අනුතින් ච(ර්)න්විරකුල් තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම, ෂිනවත්‍රා පවුලට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.
ධුරයෙන් ඉවත් කළ, පෙතොන්ටාර්න්ගේ පියා වන තක්ෂීන් ෂිනවත්‍රා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2001 වසරේදී ය. එතැන් පටන්, ෂිනවත්‍රා පවුල තායිලන්ත දේශපාලනය තුළ සිය ආධිපත්‍ය ව්‍යාප්ත කර තිබේ. තක්ෂීන් සහ ඔහුගේ සොහොයුරිය වන යින්ග්ලක් පිළිවෙළින් 2006 සහ 2014 වසරවලදී හමුදා කුමන්ත්‍රණ මඟින් බලයෙන් නෙරපන ලදි.
මුලාශ්‍ර :
Thailand's new prime minister, Anutin Charnvirakul
Thailand names third prime minister in two years
The leader.lk
තැනින් තැනට වෙනස් වෙන කාළගුණය..
බස්නාහිර,සබරගමුව පළාත් හා ගාල්ල,මාතර,මහනුවර,නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල සුළු වශයෙන් වැසි තත්වයක් ඇති විය හැකි බවත් අම්පාර,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්ක වලද ප.ව. 2 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නමුත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තාළගුණයක් පවතී.
තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුවගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය
ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Ada derana.lk

