Language Switcher

Ad

Ad 01

V2025

තාජුඩීන් ඝාතනයට කජ්ජා ඈඳා ගන්නේ ඇයි...? - හර්ෂණ රාජකරුණා පැහැදිලි කරයි

තාජුඩීන් ඝාතනය සඳහා පසුගිය දිනක ඝාතනයට ලක් වූ අරුණ විදානපතිරණ හෙවත් කජ්ජා සම්බන්ධ කරගන්නේ එම ඝාතනයට අදාළ නඩු කටයුතු තව දුරටත් පවත්වාගෙන යා නොහැකි යැයි පැවසීමට ද යන සැකයක් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡවෙක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැළිගොඩ යන අයගේ ඝාතන සම්බන්ධයෙන් වුව ද තවමත් නිසි පරීක්ෂණයක් පවත්වන්නට ආණ්ඩුව අසමත් වී ඇති බවයි.