#News tube

  • වියට්නාමයේ ණය තොරතුරු පද්ධතියට දැවැන්ත හැකර් ප්‍රහාරයක්

    වියට්නාමයේ, ණය තොරතුරු ඇතුළත් සුවිසල් දත්ත සංචිතයක් සයිබර් ප්‍රහාරයකට ලක් වේ.

    එරට සයිබර් ආරක්ෂණ ඒජන්සිය ප්‍රහාරයේ හානිය තක්සේරු කරමින් සිටී.

     

    වියට්නාම රාජ්‍ය බැංකුවේ කළමනාකාරීත්වය යටතේ පවතින ජාතික ණය තොරතුරු මධ්‍යස්ථානය එම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ. එහි, පුද්ගලික සහ ණය තොරතුරු, ණය අනතුරු විශ්ලේෂණ, සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් තොරතුරු ඇතුළු සංවේදී දත්ත රැසක් අන්තර්ගතය.

     

    පුද්ගලික දත්ත සොරා ගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සිදු කර ඇතැයි, මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

     

    cyber qttack 20250912

     

    'ෂයිනි හන්ටර්ස්' (Shiny Hunters) නම් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි, සැක කෙරේ. ඔවුන්, මීට පෙර, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඛන්ටාස් සංචිත ඉලක්ක කර සයිබර් ප්‍රහාර සිදු කරන ලද හැකරුන් පිරිසකි. සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිදු පද්ධති බිඳ වැටීමක් සිදු වී නැතැයි, වියට්නාම සයිබර් ආරක්ෂණ ඒජන්සිය කියයි. ණය තොරතුරු සේවාව පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.

    සයිබර් ප්‍රහාරය කෙතරම් ගිණුම් සංඛ්‍යාවකට බලපා ඇත්දැයි අනාවරණය වී නැත.

     

    වියට්නාමයේ දත්ත සංචිත රහස්‍යභාවය බිඳ වැටීම් හේතුවෙන් දත්ත කාන්දුවීම් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, එරට හමුදා පාලනය යටතේ පවතින වියට්ටෙල් (Viettel) විදුලි සංදේශ සමාගම පවසයි.

    මේ වන විට, එහි ගිණුම් මිලියන 14.5ක දත්ත කාන්දු වී ඇතැයි වාර්තා වේ. එය, ඒ පිලිබඳ සමස්ත ගෝලීය ප්‍රතිශතයෙන් 12%ක අනුපාතයකි.

     

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/12/2025

    මුලාශ්‍රය :

    Vietnam investigates cyberattack on creditors data

     

  • වෙනස් වෙන කාලගුණය

    බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    වැසි රහිත කාලගුණයක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දක්නට ලැබේ.




  • ශෂීන්ද්‍රට උදවු කළ හානිපූර්ණ කාර්යාලයේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට

    අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි.

    කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ විමර්ශනයේ දෙවන සැකකාරිය වන අතිරේක ලේකම්වරිය රාජපක්ෂ මහතාට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත්වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Allascomisama

  • ශ්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගත්බව ඇමති හදුන් එය රටටම දැනුම් දෙයි…

    ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ලංකාවට නොබෙල් ත්‍යාගය හිමි වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

    ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක වැනි මිලකට අලෙවි වූ බවද හෙතෙම කියා සිටී.

    එය ගිනස් වාර්තාවක් බවද ඔහු සඳහන් කළේය.

    අදටත් ශ්‍රී ලංකාවේ තේ වලදීම් තියෙන ගුණාත්මක භාවය පවතින බවද ඔහු සඳහන් කළේය.

    එනිසා ඉල්ලුමට සරිලන සරිලන ගුණාත්මක තේ නිෂ්පාදනයක් සැපයීම අභියෝගයක් ලෙස භාර ගන්නා බවද කියා සිටියේය.

    කොළඹදී පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින්  මෙම අදහස් පළ කළේය.

     

     

    ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මින් පෙර අවස්ථා කිහිපයකදී නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වී තිබුණද කිසිදු අවස්ථාවක එය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ ද නැත.

    නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් සම්මානයක් වන අතර, එය මානව වර්ගයාට විශාල ප්‍රතිලාභ ලබා දුන් පුද්ගලයන්ට සහ සංවිධානවලට වාර්ෂිකව පිරිනැමේ.

    මෙම ත්‍යාගය ස්වීඩන් ජාතික නව නිපැයුම්කරුවෙකු, රසායන විද්‍යාඥයෙකු, ඉංජිනේරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ඔහුගේ අවසන් කැමැත්ත මගින් ස්ථාපිත කරන ලදී. ඩයිනමයිට් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධය.

    පළමු නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ 1901 වර්ෂයේදීය.

    ත්‍යාගලාභියෙකුට රන් ආලේපිත පදක්කමක්, සහතික පත්‍රයක් සහ සැලකිය යුතු මුදල් ත්‍යාගයක් හිමිවේ. ත්‍යාග මුදල නොබෙල් පදනමේ ආදායම මත වෙනස් වේ.

    සෑම වසරකම දෙසැම්බර් 10 වන දින, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභාවයෙන් සංවත්සරය දින, සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලැබේ.

    එක් ත්‍යාගයක් සඳහා උපරිම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුට පමණක් බෙදා දිය හැකිය.

    සාම ත්‍යාගය හැර අනෙකුත් ත්‍යාග පුද්ගලයන්ට පමණක් පිරිනැමේ. සාම ත්‍යාගය සංවිධානයකට ද පිරිනැමිය හැකිය.

    සාමාන්‍යයෙන් මරණයෙන් පසු ත්‍යාග පිරිනැමීම සිදු නොකරයි. ත්‍යාගය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී පුද්ගලයා ජීවතුන් අතර සිටිය යුතුය.

     

    | lankacnews

     

  • ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට නව සභාපතිවරයෙක්

    ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 23වන ජාතික සම්මේලනය තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.

  • ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ඇරඹේ

    අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය

    ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අධිකරණ e court ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර ගේ සහභාගිත්වයෙන් ඊයේ (12) කොළඹ 12, අධිකරණ මාවත, අංක 80, විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

     

    she 20250913
    ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කෙරේ

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා යන අය අතින් සිදු කෙරුණහ.

    ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණ වූයේ අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුකම සැපයීම ය.

     

    she2 20250913


    සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණයට

    පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබේ.

    ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වී ය.

    අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම පසුගියදා සිදු වූ අතර, ඒ යටතේ කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙවීම් යන්ත්‍ර බෙදාදීම ද මෙහි දී සිදු කෙරිණ.

    20250913

     

    නීතිපති, ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් අරවින්ද ගුණරත්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ, රජිව් අමරසූරිය, මහජන බැංකුවේ සභාපති ආචාර්ය නාරද ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතුරු තාක්ෂණ රෙජිස්ටාර් අචින්තනාත් වැලිදෙණිය යන පිරිස ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ රෙජිස්ටාර්වරුන් හා අධිකරණ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    digita 20250913

     

    The leader.lk

  • ෂාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට

    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති  2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතෙහි පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයට බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ දකුණු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වූ  ෂාන් විජයලාල් ද සිල්වා අද (10) දින අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

  • සංචාරක ව්‍යාපාරයේ අරටුව පෞද්ගලික අංශය යි - නාමල් රාජපක්ෂ (විඩියෝ)

    සංචාරක ව්‍යාපාරය පවතින්නේ රාජ්‍ය අංශය සතුව නොව පෞද්ගලික අංශය සතුව බවත්, රජය කළ යුත්තේ ඒ සඳහා නියාමනයක් පැනවීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • සතොස කරන්නේ බිස්නස් එකක්.. ලාබෙන දෙන්න බෑ..- ඇමති වසන්ත කියයි

    සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

    එහි දී තමන්ට සහල් කිලෝවක් සාධාරණ මිලකට ලබා දිය යුතු බවත් සතොසට ගබඩාවල සිට සිල්ලර වෙළඳසැල් සඳහා සහල් කිලෝවක් ගෙන යෑමට රු.06කට අධික මුදලක් වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.

    සතොස කරන්නේ ව්‍යාපාරයක් මිස සුභසාධන වැඩක් නොවන බවත් එය කළ යුත්තේ තරඟකාරී වෙළඳපොළ සමග බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    මහ පරිමාණ මොල් හිමියන් සහල් වෙළඳපොළ තුළ ජාවාරමක් සිදුකරන බවත් ඊට එරෙහිව රජය ක්‍රියාත්මක වන විට එය කඩාකප්පල් කිරීමට කරන උත්සාහයට ඉඩ නොදෙන බවත් ඇමති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

    සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රජයේ සහල් ලබා ගැනීමට නොහැකි වන ආකාරයට කොන්දේසි පනවා ඇති බවට නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව කීය.

  • සපුගස්කන්ද තෙල් ටැංකියේ ගින්න පාලනය කෙරේ....

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ටැංකියක හටගත් ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු මේ වන විට මැඩ පවත්වා තිබේ.
    ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ, අදාළ ටැංකිය අලුත් වැඩියා කරමින් සිටින අවස්ථාවේ ඊයේ(10) පස්වරුවේ ගින්න හටගත් බවයි.

    ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 11කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණ අතර යුධ සහ ගුවන් හමුදා මෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ද එම ස්ථානයට කැඳවා ගින්න මැඩපවත්වා ඇත්තේ අද(11) අළුයම් කාලයේදියි.

    ගින්න හේතුවෙන්, තෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය, මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ය.

    මෙට්‍රික් ටොන් 40000ක ධාරිතාවකින් යුක්ත හිස් ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන තිබුණි.

    එම හිස් ටැංකිය වසර කිහිපයක සිට භාවිතයට ගෙන නොමැති අතර එය යළි භාවිතයට ගැනීම සඳහා අළුත්වැඩියා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ගින්න හටගෙන තිබුණි.

    අළුත්වැඩියා කටයුතු කරමින් සිටියදී ඇති වූ ගිනි පුපුරු ගින්න හට ගැනීමට හේතුවන්නට ඇතැයි සැක පල කෙරේ.

     

    newsfirst.lk


  • සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

    තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යමින් සිටියදී පෙරවරු 8.30ට පමණ එම දැනුම්දීම ලැබුන බව සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම් වරයා පැවසිය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.

    සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

    මෙම විමර්ශන හා අධිකරණ ක්‍රියාවලිය සියලුම රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේදී තම බෙල්ල බේරා ගැනීම සඳහා වැදගත් විය හැකි බට කිර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ දීර්ග සටහනක් පළකර තිබිණ.


    සබැඳි ලිපියක් :


    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට මොනවා වෙයි ද ?

     

    උපුටා ගැනිිම-The leader.lk

  • සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කරනු ලැබ ඇත.

  • සලේ අත්අඩංගුවට ගත්තේ දප්පුල ද ලිවේරා ගේ කුමන්ත්‍රණයකට...? - උදය ගම්මන්පිල

    හිටපු බුද්ධි අංශ නිලධාරියකු වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දප්පුල ද ලිවේරා ගේ කුමන්ත්‍රණයක් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පවසයි.

  • ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසර කරන්න ඉල්ලූ අමෙරිකානු හමුදාවේ ඉල්ලීම ඉවතට

    අමෙරිකානු හමුදා භට නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසාර කිරීමට කර තිබූ ඉල්ලීම එරට විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

  • සෑම බදාදා දිනකම පාසල් නිවාඩු

    පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව පවසයි.

  • සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්

    අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ. 

  • සුජීව සේනසිංහ කැඳවුම්කාර ධුරයෙන් ඉල්ලා අස්වේ ; ශ්‍රී ලංකා-ඊශ්‍රායල මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම අවුලක !

    ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම කැඳවමින් ප්‍රසිද්ධ කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවත්, එය වැරදීමකින් නිකුත් කළ ලිපියක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.

    සැප්තැම්බර් 4 දිනැති පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.

     

    sujeewa 20250912

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය ‘දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කරන ලද බවත්, එම රැස්වීම අවලංගු කරන ලෙස අදාළ සියලුම පිරිස්වලට ලිඛිතව දැනුම් දී ඇති බවත් සුජීව සේනසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.

    “ප්‍රමාද දෝශයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත! සිදු වූ අත් වැරදීමට මාගේ දැඩි කනගාටුව ප්‍රකාශ කරමි!” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනය කර ඇත.

    sujeewa 2

    දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අද (සැප්තැම්බර් 12 වැනි දින) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඊශ්‍රායල් තානාපතිවරයා මේවනවිට ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ සිටියි.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සිය ඉඇල්ල අස්වීම දැනුම් දෙමින් ෆේස්බුක් සටහන පළකර ඇත්තේ සිය පක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තාවේ.

     

    The leader.lk

  • හමුදා බුද්ධි අංශය රටක ආර්ථික වර්ධනයට වැදගත් වන්නේ කෙසේ ද...? - Ideas front වීඩියෝවක්

    හමුදා බුද්ධි අංශය යනු රටක ආර්ථික වර්ධනයට ඉතාමත් වැදගත් ආයතනයක් බවත් මේ වන විට සුරේෂ් සලේ වෙත සලකන ආකාරය අනුව එම ආයතනය සතුව පවතින විශ්වසනීයත්වය අහෝසි වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • හිටපු ඇමති ටිරාන්ට අවසන් නිවේදනයක් !

    මෙරටින් පලාගොස් විදෙස්හි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ගෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දිගින් දිගටම මරණිය තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භකර ඇති බවත් වාර්තාවේ.

     'යුක්තිය' මෙහෙයුම නිසා තම සාමාජිකයින්ට රටින් පලායාමට සිදුවුබවත්, ඒ නිසා තමන්ගේ ව්‍යාපාර විනාශ වූ බවත් පවුල් බිඳී විසිරි ගිය බවත් සඳහන් කරමින් , අනිවාර්යයෙන්ම එයට පලිගන්නා බවත්, ජිවිතයෙන් වන්දි ගෙවීමට සුදානම් වන ලෙසත් දන්වා අරාබි රාජධානියෙන් ටිරාන් අලස් වෙත නිර්නාමික ලිපියක් පලමුවරට යොමුකර තිබුනේ පසුගිය මැයි 04 දිනය සහිතවය.

    පසුගිය ජුලි 09 දා එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබී ඇති අතර වහාම එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව ටිරාන් අලස් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබිණ.

    මේ අතර පසුගිය අගෝස්තු 28 දිනද '' අවසන් නිවේදනයක්'' ලෙසට තර්ජනය කරමින් ඩුබායි සිට හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලිපියක් ලැබී ඇත. එම ලිපියේ මුද්‍රා සටහන් අනුව එය තැපැල් කර ඇත්තේ ජුලි 16 දිනයි.

    කොතරම් ආරක්ෂාවක් යටතේ සිටියද වැඩි දිනක් යාමට පෙර මරාදමන බවට එම ලිපිය මගින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

    හිටපු අමාත්‍යවරයා විසින් එම ලිඛිත ලිපියද පොලිස්පති වරයාට යොමුකර ඇති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

     

    The leader.lk

     

  • හිටපු කතානායක මහින්ද යාපා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

     

    ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ''ජාතික ගොවි සතිය'' සංවිධානය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන වංචාව දුෂණ පිළිබඳවත්, කතානායකවරයව සිටියදී වාහන අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මතත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

    මහින්ද යාපා අබේවර්ධන ලක්ෂ 3638ක, මූල්‍ය අපරාධයක් සිදුකර ඇතැයි මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් පසුගියදා අනාවරණය කර තිබිණ.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා, මහින්ද යාපා අබේවර්ධන ව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් වාර්තාකර ඇත.

     

    The leader.lk

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න