මෙම රෝහල් දෙකෙහි පිළිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙක බිඳවැටීම සිදුවී ඇති අතර ජුනි 04 වෙනිදා මඩකළපුව රෝහලේ යන්ත්‍රයත්, ජුනි 05 දා ගාල්ල ජාතික රෝහලේ යන්ත්‍රයත් බිඳ වැටී ඇත.
මාස පහක පොරාත්තු ලේඛනයක්
යන්ත්‍රය බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් නොවීමට හේතුව වශයෙන් මේ වන විට හෙළිදරව් වී ඇත්තේ සේවා සපයන සමාගම නඩත්තුවට අදාළ සේවා ගිවිසුම් නොමැතිවීම හේතුවෙන් යන්ත්‍රයෙහි නඩත්තුවෙන් ඉවත්වීම තිබීම යි. පහුගිය කාලය පුරා අවස්ථා ගණනාවක දී ම මෙම යන්ත්‍ර දෙක වරින් වර විඳවැටුණු අතර නැවත යථා තත්ත්වයට පත් කිරීම කාලයක් තිස්සේ ප්‍රමාද කරමින් පැවතිණි. මේ හේතුව නිසා අඛණ්ඩව ලබාදිය යුතු රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සේවාව අතරමග දී බිඳ වැටීම සිදුවී ඇත. මෙය පිළිකා රෝගීන් ගේ පිළිකා සෛල විනාශ කිරීමේ ප්‍රතිකාරයට බරපතළ ආකාරයෙන් බාධා පමුණුවයි.
යන්ත්‍ර බිඳ වැටෙනවිට මඩකළපුව රෝහලේ දිනකට රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයකගේ දෛනික ප්‍රතිකාර සිදු කළ අතර, ගාල්ල ජාතික රෝහලේ දිනකට රෝගීන් 80 - 90 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙමින් පැවතිණ. විකිරණ ප්‍රතිකාර සේවාව ලබා ගැනීම සඳහා මේ වන විට ගාල්ල ජාතික රෝහලේ මාස 5ට ආසන්න පොරොත්තු ලේඛනයක් පවතී.
බරපතළ සැකයක් ගෙන දෙන කාරණාවක්
මෙම ලීනියර් ඇක්සලරේට යන්ත්‍රවල සේවා ගිවිසුම් ගතවීමේ ක්‍රියාවලියට අදාළව ලංසු ඇගයීමේ කමිටුව ( Bid Evaluation Committee) සඳහා ෙම යන්ත්‍රයේ විකිරණ ප්‍රතිකාර සේවාව සිදුකරන විකිරණ තාක්ෂණවේ දී නිලධාරීන් සම්බන්ධ කර නොගැනීම බරපතළ ගැටලුවක් වන අතර සෞඛ්‍ය ලේකම්වරුන් විසින් ලබා දී ඇති නියෝග පැහැර හැරීමක් ද වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරුන් විසින් අවස්ථා තුනකදී මෙවැනි ලංසු ඇගයීම් කමිටු සඳහා යන්ත්‍රවල අවසාන භාවිතාකරුවන විකිරණ තාක්ෂණවේදීන් සම්බන්ධ කර ගත යුතු බව චක්‍රලේඛ මගින් උපදෙස් ලබා දී ඇතත් ජීව වෛද්‍යය ඉංජිනේරු ඒකකය මෙම නියෝග පැහැර හැර ඇත. මෙලෙස යන්ත්‍රය සහ ඊට අදාළ සේවා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් නිලධාරීන්ව මගහැර සේවා ගිවිසුම් ගතවීමට අදාළ කටයුතු සිදුකිරීම බරපතළ සැකයක් ගෙන දෙන කාරණාවක් වී ඇත.කෙසේ වෙතත් මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සේවා ගිවිසුම් ගතවීම නිසි පරිදි සිදු කර නොමැති අතර මෙම හේතුව නිසා දිගින් දිගටම බිඳ වැටෙන යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද කරමින් තිබේ.
රෝගීන් ගේ ප්‍රතිකාර සේවා බරපතළ ආකාරයෙන් බිඳවැටේ
මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලෙහි නව සීටී සිමියුලේශන් යන්ත්‍රයෙහි ස්ථාපන කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙන් රෝගීන් 600 කට ආසන්න ප්‍රමාණයක් පිළිකා විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි.
මේ ආකාරයෙන් දිගින් දිගටම යන්ත්‍ර බිඳවැටීම් නිසි පරිදි යාවත්කාලීන නොවීම හේතුවෙන් රෝගීන් ගේ ප්‍රතිකාර සේවා බරපතළ ආකාරයෙන් බිඳවැටීමකට ලක්වන අතර එම යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම වගකීම් පැහැර හරින සහ මෙම කටයුතුවල දී අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතු වගකිවයුතු පාර්ශව මගහැරීම සම්බන්ධයෙන්ද නිසි විමර්ශනයක් සිදු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
චානක ධර්මවික්‍රම සභාපති - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
