#News tube

  • උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින්ගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා 14

    ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම ඊයේ (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

  • එකල මෙකල සැම කල්හි ම බලවන්තයකු පිළිබඳ හෙළිදරව්වක් (වීඩියෝ)

    දේශබන්ධු තෙන්නකෝන් යනු: රාජපක්ෂ සමයේ ද, යහ පාලන සමයේ ද වර්තමානයේ ද බලවත් පුද්ගලයකු යැයි ලේඛක තරිඳු ජයවර්ධන පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ''දේශ බන්දු - වදක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් තරිඳු පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ද මෙම පුද්ගලයා කටයුතු කළ ආකාරය බරපතළ සැකයට බදුන් වෙන බවයි.

  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹේ ; ශ්‍රී ලංකා රජය පිළිතුරු සපයයි

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ.

    සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය.

    මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ.

    සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Turk) හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතය.


    60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක්....


    මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා පැවසුවේය.

    මෙම සැසිවාරයේ දී මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත භාර දී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇත.

    මතු පළ වන්නේ රජයේ එම නිල පිළිතුර ය.

    බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.

    ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.

    එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාන්විතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු.

    (රජයේ සම්පූර්ණ පිළිතුරට මතු දිගුව ඔස්සේ යොමුවන්න)

    මීට අමතරව 60 වන සැසිවාරයට සහභාගී වන අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා වෙලාවෙන් අද පස්වරු 03.45ට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටත් නියමිතය.



      * Sri Lanka observes that external initiatives will only serve as hindrances to the ongoing national efforts and serve to polarise the population. The GoSL does not         agree with the conclusions and recommendations in the report with regard to international action.*

     

       * The Government has the mandate to and is firmly and sincerely committed to workingtowards a country that respects and celebrates the diversity of its people  with no division or discrimination based on race, religion, class and caste. The Government is resolved not to leave room for a resurgence of racism or             extremism in Sri Lanka.*

     

      *As Sri Lanka moves forward on this path through its domestic processes, the understanding, encouragement and support of the international community is welcomed and appreciated.*


    සබැඳි පුවත් :

    මෙවර මානව හිමිකම් සැසියේදී ත්‍රස්ත පනත ගැන වැඩි අවධානයක්


    අලුත්ම ජිනීවා වාර්තාවේ දෙමළ ඉල්ලීම් වලට ඉඩක් ලැබෙන බව එජා මානව හිමිකම් ලොක්කා කියයි

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් !

     

    The leader.lk

  • එක්ස්ප්‍රස්පර්ල් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විග්‍රහ කරමින් නීතිපතිගෙන් ජනපති ලේකම්ට ලිපියක්

    එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විග්‍රහ කර සවිස්තර ලිපියක්, ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

    ඒ, නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් ය.

    නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පිටු 361 කින් සමන්විත නඩු තීන්දුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් එම ලිපිය යොමුකර ඇති බවයි.

    මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ සාකච්ඡාවක් දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

    නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ නඩු තීන්දුවෙන් නියෝග කිහිපයක් පනවා ඇති බවයි.

    ඒ පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එකගතාවයට එළඹීම සඳහා එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

    ශ්‍රේෂ්ඨාධිකරණය නෞකා සමාගමට නියෝග කළේ, නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙසයි.

    එම සම්පූර්ණ වන්දි මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ද අධ්‍යනය කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

    (News 1st)

  • එජාපය සජබ ඇතුලු විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග එක්වෙයි.

    සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.


    පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇති අතර
    පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.


    එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවත් සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර ඇති බවත් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

  • කථානායකට එරෙහිවත් විශ්වාසභංගයක්?

    කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

    විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව මද්දුමබණ්ඩාර  වැඩිදුරටත් පැවසීය.

    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක  පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ, කිසිවිටෙකත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයකින් කථානායකවරයාව පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බවය.



    "කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා, ඔබතුමා මේකට අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියලා. දැන් අපි අහන්නේ, ඔබතුමා පත්වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. දැන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමාව පරාජය කරන්න මෙයාලට බෑ. නමුත් ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය. ඒ තර්ජනයද ? අපිට ප්‍රශ්නයක් නෑ ඔබතුමන්ලා අරුණ ජයසේකර මහත්තයාට අදාළව පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට ඕනෑම මෝෂන් එකක් ගේන්න. අපි කැමතියි වාද විවාද කරන්න."

     

    Ada derana.lk

     

  • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    කෙත්හේන සිට කළුතර දක්වා ප්‍රධාන සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා තිබේ.

  • ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය

    දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • කාණුවක් තුළ දමා ගොස් සිටි බිළිදෙකු සොයා ගනී ! - ඉපළෝගම බෑගය මසක් වයසැති බිළිඳියක් !!

    පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

    කන්දේනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදා සොයා ගෙන ඇත.

    අදාළ බිළිදා මාතලේ මහ රෝහල වෙත භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    මෙම දරුවාගේ භාරකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, කන්දේනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


    ඉපළෝගම බෑගයකින් මසක් වයසැති බිළිඳියක් හමුවේ


    මේ අතර ඉපළෝගම ප්‍රදේශයේ විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවකට අයත් නිවසක ඉදිරිපස පුටුවක් මත බෑගයක දමා තිබියදී මසක් වයසැති බිළිඳියක් හමු වී තිබේ.

    එම බිලිඳිය නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය නිරෝගී තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

    (aruna.lk)

  • කැලිෆෝර්නියා තෙල් පිරිපහදුවක ගින්නක්

    අද (03) කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ එල් සෙගුන්ඩෝ (El Segundo) තෙල් පිරිපහදුවේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ගින්නෙන්, අසල පිහිටි ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙහෙයුම් වලට බාධාවක් නැතැයි, නාගරික ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

    පිරිපහදුවේ හදිසි පිපිරීමක් වාර්තා වීමත් සමග ගිනි නිවීම් සහ අනෙකුත් සේවා වහා ඒ වෙත පිටත් කර යවා තිබේ. පුද්ගල අනතුරු පිලිබඳ තොරතුරක් නැතැයි පොලිසිය කියයි.

    එල් සෙගුන්ඩෝ පිරිපහදුවේ දෛනික ධාරිතාව ඉන්දන බැරල 290,000 කි. පෙට්‍රල්, ගුවන් යානා ඉන්දන සහ ඩීසල් එහි ප්‍රධාන නිෂ්පාදන අතර වේ. ටැංකි 150කින් පමණ යුත් පිරිපහදුවේ සමස්ත ගබඩා ධාරිතාව බැරල මිලියන 12.5කි.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/3/2025

    Fire breaks out at Chevron's El Segundo refinery in Los Angeles

  • කීර්ති තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනියෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලයි

    ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස දින 14 ඇතුලත රු. මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ස්වාධීන ‍රූපවාහිනී සේවයට එන්තරවාසියක් යවා ඇත.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් පවත්වනු ලැබූ පුවත්පත් සාකච්ඡාවක ඇතුළත් වූ අපහාසත්මක කරුණු 2025 ජනවාරි 09 දින පුවත් විකාශන මගින් ද, 2025.01.10 දින උදෑසන ‘පත්තරෙන් එහා’ වැඩසටහන සහ එහි නිවේදකයා විසින් සිදු කරන ප්‍රකාශ මගින් ද සිය කීර්ති නාමයට හානියක්  සිදු වූයේ යැයි එන්තරා වාසියේ දැක්වේ.

    සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ ‘අන්තර්ගත වචන, ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර, එම චවන, ප්‍රකාශණ සහ පාඨ එනයින් ම අපහාසාත්මක වන බවත්, ( per se Defamatory) එසේම වක්‍රෝක්තියෙන් ද (By Innuendo) පැමිණිළිකරු කෙරෙහි අපහාසාත්මක වන බවත්, විත්තිකරු විසින් ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේ දී වචන, පාඨ සහ ප්‍රකාශ ප්‍රකාශය පත් කරන ලද බව එන්තරවාසියේ දැක්වේ.  

    එම කරුණු ස්වාධීන රූපවාහිනිය විසින් විකාශනය කර, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මගින් විකාශනය කර බෙදා හරින ලද්දේ ද, පැමිණිළිකරු කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් බවත් (Express  malice), පීඩන චේතනාවෙන් බවත්, ( Animus Injuriandi) එමගින් ''පැමිණිලිකරු ශ්‍රී ලංකාවේ මහජනතාව සහ පොදු සමාජය ඉදිරියේ දූෂිතයෙකු වංචනිකයෙකු සහ අපචාරියෙකු බව හුවා දක්වමින් ශ්‍රී ලාංකික සමාජය තුළ වෛරයට අප්‍රසාදයට අවමානයට පිලිකුළට සහ අපහාසයට ලක් කිරීමේ අදහසින් බව’’  එන්තරවාසියේ දැක්වේ.

    Screenshot 2025 10 12 170818

  • කෘත්‍රීම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරනවා - අගමැතිනිය

    ඩිජිටල් ආර්ථික මාසයට සමගාමීව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරන බවත්, බස් ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවන ක්‍රමයක් ඇති කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරයෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි

    එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය...

    2030 වන විට රටේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්

    ''ඩිජිටල්කරණයෙන් බල ගැන්වූ ජාතියක් බවට පත්වීමේ ගමන වේගවත් කිරීමේ ජාතික මුල පිරීමක කොටසක් ලෙස සැප්තැම්බර් මාසය ඩිජිටල් ආර්ථික මාසය ලෙස නම් කර තිබෙනවා. විශේෂයෙන් ම මෙහි දී ඩිජිටල්කරණය පිළිබඳ ජනතාව අතර ප්‍රබෝධයක් ඇති කරවීම සහ අනාගතයේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජයට ඇති උනන්දුව පෙන්නුම් කිරීම මෙහි එක් අරමුණුක්. සැප්තැම්බර් මාසයේ ඒ වෙනුවෙන් වන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන් මගින් ඩිජිටල් මෙවලම් හඳුනාගැනීම සහ භාවිතයට යොමු වීමේ වැදගත්කම පිළිබඳව පුරවැසියන්, ව්‍යාපාර සහ ආයතන දැනුවත් කිරීම වගේම ඊ - රාජ්‍ය වේදිකා, ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් නවෝත්පාදන සඳහා සමාජයේ සියලුම කොටස් අනුවර්තනය කිරීම වේගවත් කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක වෙනවා.

    ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති හවුල්කාර ආයතන මගින් ක්‍රියාත්මක කරන ඩිජිටල් ව්‍යාපෘති වේගවත් කිරීමෙන් එහි ප්‍රතිලාභ පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට වේගයෙන් ළඟාවනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. 2030 වර්ෂය වන විට රටේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් එනම් දළ දේශීය නිෂ්පාදනයෙන් 12%ක් දක්වා පුළුල් කිරීම සඳහා වන රජයේ අභියෝගාත්මක ඉලක්කය සපුරා ගැනීමත්, ඩිජිටල් ක්ෂේත්‍රයේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා සහ ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ දෙකක් දක්වා වැඩිකර ගැනීමට ද අපේක්ෂිතයි.

    ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස...

    මෙකී අභිලාෂයන් පැහැදිලිව සන්නිවේදනය කිරීමට සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය ම පෙළ ගැස්සවීමට මෙම ඩිජිටල් ආර්ථික මාසය වේදිකාවක් නිර්මාණය කරනවා. දකුණු ආසියානු කලාපයේ තාක්ෂණ නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය ප්‍රමුඛ සංවර්ධනය සඳහා විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම ද මෙහි තවත් එක් අරමුණක්.

    ඩිජිටල් ආර්ථික මාසය යනු සංකේතාත්මක මුල පිරීමක් පමණක්ම නෙමෙයි, දැනුම්වත්භාවය ඉහළ නැංවීම වේගවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අභිලාෂය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා ද වන ප්‍රායෝගික යාන්ත්‍රණයක් වන අතරම, ඒ මගින් නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය සහ අවස්ථාවන් ඔස්සේ අනාගතයේදී පුරවැසියන්ට සෘජු ප්‍රතිලාභ ලබාදෙන වැඩසටහනක් ද වෙනවා. ඒ අනුව ඩිජිටල්කරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කරන උත්සව සහ ප්‍රදර්ශන, ආරම්භක ව්‍යාපාර, ව්‍යවසායකයින්, නවෝත්පාදන, පරිසර පද්ධති ප්‍රදර්ශනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සැප්තැම්බර් 17, 18, 19, 20 දිනයන් තුළ පවත්වනවා.

    කඩදාසි භාවිතයෙන් තොර විසඳුම්

    ඒ අනුව ශ්‍රී ලංකා මූල්‍ය තාක්ෂණ සමුළුව, ඩිජිටල් මූල්‍ය භාවිතයට අනුවර්තනයන් සඳහා නව විසඳුම් ප්‍රවර්ධනය කිරීම සැප්තැම්බර් 24 සහ 25 දිනවල පවත්වන්නට නියමිතයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික ප්‍රදර්ශනය( national ai expo) සැප්තැම්බර් 29 සහ 30 දින දෙක තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    මේ දින සියය තුළ ඩිජිටල්කරණය පිළිබඳ ජාතික මට්ටමේ දැනුවත් කිරීම්, ඩිජිටල් රාජ්‍ය සේවා සහ කඩදාසි භාවිතයෙන් තොර විසඳුම් පුරවැසියන්ට හඳුන්වා දෙන මහජන ප්‍රදර්ශන, ඩිජිටල් මෙවලම්වල ප්‍රතිලාභ පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා මාධ්‍ය ප්‍රචාරණය, ධාරිතා වර්ධනය සහ අධ්‍යාපනය, ඩිජිටල් නිපුණතා ව්‍යවසායකත්ව සහ තාක්ෂණ අනුවර්තනය පිළිබඳ තරුණ තරුණයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, වෘත්තිකයන් සඳහා පුහුණු පාඨමාලා, වැඩමුළු පැවැත්වීම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ ඩිජිටල් සේවාවන්හි අනාගත වෘත්තීන් දිරිමත් කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ පාසල් සම්බන්ධීකරණ වැඩසටහන්, ඊ - රාජ්‍ය විසඳුම් පිළිබඳ පළාත් මට්ටමේ දැනුවත් කිරීම්, ඩිජිටල් ආර්ථික අභියෝග සහ අවස්ථාවන් පිළිබඳ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සංවාද සහ විද්වත් සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

    govpay පුළුල් කිරීම සහ ජාතික ප්‍රවාහන ගෙවීම් වේදිකාවක්

    මිට අමතරව ඩිජිටල් මාසයට සමගාමීව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් ආරම්භ කිරීම, ජාතික සහතික බල අධිකාරිය මෙහෙයුම් ආරම්භ කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ග දියත් කිරීම, රථවාහන දඩ මුදල් එම ස්ථානයේ දී ම ගෙවීම් සිදු කළ හැකි පරිදි රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන govpay පුළුල් කිරීම, මගින්ට බැංකු කාඩ් සහ QR කේත මගින් බස්ගාස්තු ගෙවීම සඳහා ජාතික ප්‍රවාහන ගෙවීම් වේදිකාවක් ස්ථාපිත කිරීම, රජයේ නිල කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වේදිකාව වන aigov.lk නිල වේදිකාව දියත් කිරීම, ඩිජිටල් ආර්ථික අත්දැකීම් මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, සිම්පත් ලියාපදිංචි කිරීමේ ස්වයං ක්‍රියාවලිය දියත් කිරීම, විදුලි සංදේශ නියාමන කොමිසම විසින් 5G පහසුකම් ලබා දීම යනාදී කටයුතු සුදානම් කර තිබෙනවා.

    ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් මේ වෙනවිටත් දිවයිනේ ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනයක් සහ පරීක්ෂණයක් සිදු කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිටත් සෑම පළාතක ම, සෑම අධ්‍යාපන කලාපයක ම, සෑම පාසලක ම අවශ්‍යතා පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටිනවා. ඒ වගේම ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් පිළිබඳ අධ්‍යනයක් කළ අධ්‍යාපන අමාත්‍යංශයත්, ඩිජිටල් අමාත්‍යංශයත් ඒකාබද්ධව අවශ්‍ය පහසුකම් සලස්වන්න වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. මේ ආකාරයට සෙසු අමාත්‍යංශවල ද ඩිජිටල් කරණය සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙනවා.''

     

    The leader.lk

  • කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් අද පස්වරුවේ දිවයිනට

     ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද (30) පස්වරුවේ දිවයිටනට රැගෙන ඒමට නියමිතව තිබේ.

    ඔවුන් රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගිය අතර මේ වන විට අපරාධ කල්ලි සාමාජිකයින් එම විශේෂ පොලිස් කණ්ඩායම භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

  • කෙහෙල්බද්දර පද්මේ එක්ක සබඳතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

    ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබු කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ‍අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙකු බවයි.

    මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනාගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලට අදාලව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

  • ගතවූ පැය 24 තුළ මි.මී 171ක වැඩිම වැස්ස ඇහැළියගොඩට

    ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු  පවසයි.

  • ගම නගරය එකවර සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100

    ගම- නගරය එකවර ඒකාබද්ධ කරමින් සංවර්ධන කරන (රූබන්-Rurban Development ) සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආධාර මෙරටට ලබා දී එකඟතාවය පළකොට තිබේ.

     මෙම ඒකාබද්ධ රූබන් සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (IRDCRP) ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් මූල්‍ය පහසුමක් ලබා ගැනීමට ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත.

    IRDCRP සඳහා අදාළ මූල්‍ය ගිවිසුමට ඉකුත් දා (8) දින ශ්‍රී ලංකා රජය සහ IDA වෙනුවෙන් පිළිවෙලින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන දේශීය අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලෙන් විසින් අත්සන් කරන ලදී.

     

    කෘෂිකර්මාන්තය ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතය සමඟ ගැඹුරින් බැඳී ඇති අතර, එම අංශයේ ශ්‍රම බලකායෙන් 25% කට වඩා සම්බන්ධ වී ඇත. මෙම අංශය වර්තමානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% කට ආසන්න ප්‍රමාණයක් දරන අතර වාර්ෂික විදේශ විනිමය ඉපැයීම් සඳහා ආසන්න වශයෙන් 22% ක දායකත්වයක් සපයයි.

     

    ශ්‍රී ලංකාවේ නව රජය, ජනගහනයෙන් විශාල කොටසකට ආර්ථික අවස්ථා ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ඵලදායිතාව, තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇත.

    මෙම ප්‍රමුඛතාවයට අනුකූලව, ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ (IRDCRP) අරමුණු වන්නේ තෝරාගත් ප්‍රදේශවල කෘෂි ආහාර නිෂ්පාදකයින්ගේ ඵලදායිතාව, වෙළඳපොළ ප්‍රවේශය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමයි.

    මුළු ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් වන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලෝක බැංකුව විසින් මූල්‍යකරණය කරනු ලබන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් දේශීය අරමුදල් වලින් ලැබෙනු ඇත.

    මීට අමතරව, ප්‍රතිලාභී දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 17 ක ආයෝජනයක් අපේක්ෂා කෙරේ. මෙම සංරචකය කුඩා වතු හිමියන්, ගැනුම්කරුවන් එකක් හෝ කිහිපයක් සහ රාජ්‍ය අංශය අතර ඵලදායී හවුල්කාරිත්වයක් ඇති කරනු ඇති අතර, වෙළඳපොළ සම්බන්ධතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අදාළ පළාත් සභා වැනි අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    (සටහන | ජේ. මුණසිංහ)

     

      The leader.lk

     

  • ගමනක අවසානය : ප්‍රභූ විරෝධීන් ප්‍රභූවීම | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

    ආර්ථික, දේශපාලන සහ සමාජයේ බලයෙන් බැහැර කරන ලද පුද්ගලයින්ගේ කණ්ඩායම් එනම් ගොවීන්, කම්කරුවන් වැනි ආන්තික ප්‍රජාවන් හැඳින්වීමට ඉතාලියානු මාක්ස්වාදී චින්තකයෙකු වන ඇන්තෝනියෝ ග්‍රාම්සි විසින් “ subaltern” “ නිර්ප්‍රභූ ” යන්න ප්‍රථම වතාවට යොදා ගත්තා.

    පසුව පශ්චාත් යටත් විජිත අධ්‍යන විද්වතුන් විශේෂයෙන් ගයාත්‍රී චක්‍රවර්තී ස්පිවැක් වැනි අය එම අදහස පුළුල් කරමින් යටත් විජිතකරණය වූ ජනතාව, කාන්තා සහ පීඩිත සුළු ජනවර්ග හැඳින්වීමට “ නිර්ප්‍රභූන් ” යන්න යොදා ගත්තා. ඔවුන්ට අනුව නිර්ප්‍රභූන්ගේ හඬ ප්‍රධාන කතිකාව තුළ ඇහෙන්නේ නැහැ.ඒ තුළ නිර්ප්‍රභූන්ගේ නියෝජනයක් නැහැ.Gayatri Spivak on Subversive Festival 20250908ගයාත්‍රී චක්‍රවර්තී ස්පිවැක්

     

    වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු මාළිමා ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් ලෙස ඔවුන් විසින්ම හඳුන්වා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. එහෙත් ඉහත නිර්වචන වලට අනුව මේ ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිද? වෙනත් විදිහකට කියන්නේ නම් මේ ආණ්ඩුවේ නායකයින් ප්‍රභූ විරෝධී කතා කියමින් ප්‍රභූවරු වශයෙන් කටයුතු කිරීම සදාචාර සම්පන්නද? මෙය මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතා විමුක්ති පෙරමුණු මාලිමාව ඉදිරිපත් කළ ප්‍රභූ විරෝධයට   ලැබුණ මහජන කැමැත්ත හරහා ඔවුන් සහ මහජනතාව අතර ඇතිවූ සමාජ ගිවිසුමකඩ කිරීමක් නො වන්නේද?                                                                                                                                                                    

                                                                                                                                                                                                                                                                 

     

     

    MATHAWADA 20250908

    මේ ආණ්ඩුව බලයට පත්කලේ සහ ආණ්ඩුව මෙහෙයවන්නේ ප්‍රභූ සහ මධ්‍යම පාන්තික සුළුතර කණ්ඩායමක් විසිනි. ඔවුන්ට බලයට පත් විමට පෙර සිටම අවම වශයෙන් සමාජ දේශපාලන බලයක් තිබුණා. අවම වශයෙන් සමාජ මාධ්‍ය වේදිකා, ප්‍රජා සංවිධාන, ප්‍රජා ක්‍රියාකාරකම් සහ මහජන කතිකා අවකාශයේ ආධිපත්‍ය දැරුවේ ජනතා විමුක්ති පෙරමුණු මාළිමා පන්තිය විසිනි.

    ඔවුන්ගේ සිහිනය වූයේ ප්‍රභූ පන්තියේ කවයට ඇතුළත් වීමයි. ප්‍රභූ ජීවිතයක්, සුඛෝපබෝගී නිවසක්, සුඛෝපභෝගී වාහනයක්, ලොකු පුටුවක්, විදේශ සංචාර, සමාජ ශාලා, මිල අධික ඇඳුම් , රස බොජුන්, ආරක්ෂකයින්, ආරක්ෂක රථ පෙරහර, සමාජ බලය, සමාජ ගරුත්වය , සහ ලොකුකම ඔවුන්ගේ සිහින විය. ඒ අනුව මෙම කණ්ඩායම හැඳින්වීමට වඩාත් සුදුසු යෙදුම වන්නේ “ මාළිමා පන්තිය” , “ ආරෝපිත නිර්ප්‍රභූන්” , හෝ “ව්‍යාජ නිර්ප්‍රභූන්” වැන්නකි.

    ප්‍රභූන්

     

    PRABUN 20250908
    ප්‍රභූ (Elite) යන යෙදුම පැමිණෙන්නේ තෝරාගත් විශේෂ අය යන අර්ථ ඇති Elite යන ප්‍රංශ වචනයෙනි. ඓතිහාසිකව මෙම යෙදුම භාවිතා වූයේ බලය, ධනය සහ බලපෑමක් කල හැකි කුඩා කණ්ඩායමක් හැඳින්වීමටයි. දේශපාලන නායකයින්, ඉඩම් හිමියන්, ව්‍යාපාරිකයින්, වංශාධිපතීන්, තීරණ ගැනීමේ ව්‍යුහයේ ආධිපත්‍ය දරන්නන් සහ බුද්ධිමතුන් මෙම කණ්ඩායමට අයිති වේ. කාල් මාක්ස් ගේ දෘෂ්ටිවාදය වූයේ නිර්ධන පංතියේ/ වැඩ කරන පන්තියේ විප්ලවයක් තුලින් ධනපති පන්තියේ (bourgeoisie) බලය අල්ලා ගැනීමයි.



    එහෙත් මාළිමා පක්ෂයේ බහුතරය සහ බලය ඇත්තේ කම්කරුවන්ට නොව මධ්‍යම පන්තියටය. ඔවුන් බහුතරය ග්‍රාමීය පරිසරයකින් පැමිණ සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබූවන් හෝ උසස් පෙළ සමත් වූවන්ය. ඔවුන්ගේ සිහිනය වූයේ නිර්ධන පාන්තික ආණුඩුවක් නොව තමන්ට ප්‍රභූන් වන්නට ඉඩක් ලැබෙන ආණ්ඩුවකි. ඒ සඳහා ඔවුන් ප්‍රභූ වෛරය, ප්‍රභූන්ගේ සුඛෝපබෝගී ජීවිතය ගැන ඊර්ෂ්‍යාව, ආරෝපිත දූෂණ වංචා, අක්‍රමිකතා, හොරකම, සංහතියේ හඬ (පොදුජන හඬ) වෛරය සහ කෝපය බවට පත් කලා.



    ඉච්ඡාභංගත්වය

     

    MATHAWADA NEW 20250908
    එය ජනප්‍රිය වාදයට අහුවන පහල මධ්‍යම පාන්තිකයා මෙන්ම ඔවුන් පසුපස යන නිර් ප්‍රභූන් ද උගුලකට හසු කර ගැනීමකි. ඔවුන් ප්‍රභූ විරෝධය, වෛරයෙන් සහ සමානාත්මතාවයේ සිහින වලින් පෝෂණය කර, ප්‍රභූ පැලැන්තියේ අසමාන බවට සහ අහංකාරයට එරෙහිව සංහතිය ඡන්දය භාවිතයට දක්කාගෙන යනු ලැබුවා. මාළිමා පන්තිය සංහතික ජනයා සජීවීකරණය කරනු ලැබූ සමානාත්මතාවය පිළිබඳ සිහින කිහිපයක් පහත දැක්වේ:

    • දේශපාලන පත්වීම් සහ ඥාති මිත්‍ර සංග්‍රහ නතර කිරීම.
    • හොරකම සහ සමාජ අසාධාරණයට තිත තැබීම.
    • ප්‍රදර්ශන කාමය අවසන් කිරීම:



    මැති ඇමතිවරු සහ සාමාන්‍ය ජනතාව එක සමාන තලයකට ගෙන්වීම ( ගරු - තුමා වැනි නම්බුනාම භාවිතා නොකිරීම, ආරක්ෂක රථ පිරිවරා ගෙන ගමන් බිමන් නොයාම, කුඩ නොඇල්ලීම, වාහනයේ දොර ඇරීමට කෙනෙකු නොසිටීම, මුල්ගල් නොතැබීම, පීත්ත පටි නොකැපීම, රැස්වීම් වල ලොකු පුටු නොතැබීම, අන් අයගෙන් වෙනස් වන අන්දමට ඇඳුම් පැළඳුම් නො ඇඳීම ආදී දහසකුත් ජනප්‍රිය ප්‍රභූ විරෝධී සටන් පාඨ මාළිමා පන්තියේ සමානාත්මතා පොරොන්දු අතර විය).

    එම පොරොන්දු වලින් ඇස් නිලංකාර කර ගත් සංහතික ජනයා මාළිමා පන්තිය බලය හිමි කවයට ඇතුළත් කරනු ලැබුවා. එහෙත් සත්‍ය වශයෙන්ම ඔවුන් විසින් මාළිමා පන්තිය ඇතුළත් කලේ ප්‍රභූ කවයට බව සංහතික ජනයා දැනගෙන හිටියේ නැහැ. ඕනම රටක පාලන බලය ලබා ගන්නවා කියන්නේ ‍ප්‍රභූ යාන්ත්‍රණයට ඇතුළු වීමක්. යම් කණ්ඩායමක් පාලකයන් බවට පත් වෙනවා කියන්නේ පාලිතයන්ගෙන් වෙන් වී ප්‍රභූන් බවට පත්වීමක්. මේ කාරණය මාලිමා පාලකයින් මැතිවරණ ව්‍යාපාරයේ දී ජනතාවගෙන් සඟවනු ලැබුවා.

    ANURA KUMARA 20250908

    අද රටේ බලය අල්ලා ගත් මාළිමා පන්තිය - ආරෝපිත නිර්ප්‍රභූන්, ඔවුන් හෙලා දුටු ප්‍රභූන්ම අනුකරණය කරති. නිදසුනක් වශයෙන් ජනාධිපතිවරයා පෞද්ගලික ජෙට් යානා වලින් විදේශ සංචාර වල යෙදෙයි. මුල් ගල් තබයි. පීත්ත පටි කපයි. සමරු පළක වල “ගරු ජනාධිපති තුමා” යන්න සටහන් වෙයි. අති සුඛෝපභෝගී නවාතැන්පළ වල නවාතැන් ගනී. ජනාධිපති සහ අගමැතිවරිය ආරක්ෂක රථ පිරිවරාගෙන ආරක්ෂක වැටවල් දා ගෙන ගමන් බිමන් යයි. අගමැතිවරියට සහ ඇතැම් ඇමතිවරුන්ට වාහනයේ දොර අරින්න අයෙකු සිටී. ඇතැමිවිට කුඩ අල්ලන අවස්ථාද දක්නට ලැබෙයි.

    සාමාන්‍ය ජනතාවගෙන් වෙනස්ව කැපී පෙනීම සඳහා, බලයට පත්වෙන්න කලින් ඔවුන් අනුන්ගෙන් ඉල්ලා ඇඳපු කමිස කලිසම් ඉවතලා ඒ වෙනුවට අපේ රටේ දේශගුණයටද නොගැලපෙන ප්‍රභූ ඇඳුම් වන මිල අධික ටයි කෝට්, ඩබල් පොකට් කමිස අඳිති.

    හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වෘත්තීය සඳහා අධ්‍යාපන සුදුසුකම් මත රජයේ වෛද්‍ය සහ හෙද හෙදි තනතුරු ලබන්නන්ට පත්වීම්, ප්‍රසිද්ධ උත්සවයක් පවත්වා ඔහුගේ අතින් ලබා දුන්නේ එම තනතුර ඔහු ලබාදෙන දේශපාලන පත්වීමක් ලෙස හැඟෙන අයුරිනි. වර්තමාන ජනාධිපතිවරයාද එයම කරයි. රජයේ තනතුරක් ලැබීමට සුදුසුකම් ලබන්නෙකුට එම පත්වීම් ලිපිය තැපෑලෙන් ලැබීම ඔහුගේ සුදුසුකම් වලට ගෞරව කිරීමකි.

    මාළිමා පන්තියේ ගජ මිතුරු ධනවාදය

     

    Presidential Secretary 20250908
    මාළිමා පන්තිය සංහතිය හමුවේ තැබූ ප්‍රධාන පොරොන්දුවක් වූයේ රජයේ දේශපාලන පත්වීම් නවත්වා සුදුස්සාට සුදුසු තැන, වෘත්තිකයින්ට ඔවුන්ට හිමි ස්ථානය ලබා දීමය.

    එහෙත් මාළිමා ආණ්ඩුව රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික ආදී තනතුරු වලට පත් කර ඇත්තේ පෙර ආණ්ඩු කලාක් මෙන්ම දේශපාලන හිතවතුන්ය. පාසලේ - සරසවියේ යාළු මිත්‍රාදීන්ය. තම මැතිවරණ ව්‍යාපරයට මුදල් යෙදවූ ව්‍යාපාරිකයින්ය. එසේ නැතහොත් තම මැතිවරණ වේදිකාවේ කතා පැවැත්වූ පුද්ගලයන්ය. තානාපති තනතුරු ,විදේශ දූත මණ්ඩල වෘත්තීය විදේශ සේවා නිලධාරීන් පත් කිරීම වෙනුවට තම දේශපාලන හිතවතුන්ගෙන් පුරවමින් සිටී. අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් රාජ්‍ය පරිපාලන සේවයෙන් බැහැරව පත් කර තිබේ.


    රාජ්‍ය සේවය සියල්ලන්ට සමාන අවස්ථාවක් කිරීම අවස්ථාවක් කිරීම, අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් මත විවෘත තරඟකාරී ක්‍රමවේදයක් ඔස්සේ පත්කිරීම් සිදුකිරීමේ මාළිමා මැතිවරණ පොරොන්දු අතුරුදන් වී ඇත. තමන් මහජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු වෙනුවෙන් මාළිමා ආණ්ඩුව කැපවී සිටන්නේ නම් රජයේ ආයතන වල ප්‍රධානීන් විවෘත අයදුම්පත් කැඳවීමක් හරහා විධීමත් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත හැකිය. විදේශ සේවයට විදේශ සේවයේ නිලධාරීන් පමණක් පත් කල හැකිය. ඔවුන් පොරොන්දු වූ රාජ්‍ය සේවයේ විවෘත භාවය සහ වගවීම සහතික වන්නේ එමගිනි. එහෙත් මාළිමා පක්ෂය අද කරන්නේ ජනතාව වෛර කල පසුගිය ආණ්ඩු කල දේමය.

     

    anura 20250908
    ව්‍යාජ ප්‍රභූ විරෝධි -ආරෝපිත නිර්ප්‍රභූ නායකයින් මැතිවරණ ව්‍යාපාරයේදී සමානාත්මතාවය, දූෂණ, වංචා, අනුක්‍රමිකතා වලට එරෙහි වීම සහ ප්‍රභූ වෛරය පිළිබඳව වෙස් මුහුණු දාගත්තද බලය අල්ලා ගත් පසු එය ගලවා දමා ප්‍රභූ ජීවිතයට ඇතුළත් වන ආකාරය පිළිබඳ ලංකාව කදිම නිදසුනකි. ඔවුහු බලය අල්ලා ගත් වහාම ප්‍රභූ ලෝකයට අවශෝෂණය වේ. ඔවුන්ගේ භාෂාව අරගලයේ සිට පාලනය, ආධිපත්‍ය, ධූරාවලිය සහ බලය භුක්ති විඳීම දක්වා වෙනස් වේ. ඔවුහු සැබෑ නිර්ප්‍රභූන්ගේ හඬ ශක්තිමත් කරනු වෙනුවට ඔවුන් නිහඬ කරන මැදිහත්කරුවන් බවට පත් වේ.

    මේ ආකාරයට මැතිවරණ ව්‍යාපාරය තුළ සංහතික සමාජයේ සටන් පාඨ බවට මාලිමා පන්තිය විසින් පත් කළ “පරමාදර්ශ”, මාලිමා ආණ්ඩුව කුණු කූඩයට දමමින් සිටි. සංහතික සමාජය විසින් තමන්ගේ අනෙකා ලෙස හඳුනාගත් ප්‍රභූවරු වෙනුවට තම “අවසාන තේරීම” බවට පත්කර ගත් මාලිමා පන්තිය සහ ඔවුන්ගේ පරමාදර්ශයන් “සිහිනයක්” බවට පත්කරමින් සිය අවසාන තෝරා ගැනීම නිවැරදි කළ නොහැකි අත්වැරැද්දක් බවට සංහතික සමාජය විසින් පත් කරගෙන ඇත.

    සංහතික දේශපාලනයේ නැගීම සහ බිඳ වැටීම



    ග්‍රාමීය පසුබිම් වලින් එන නායකයින් රටක ලබය අල්ලා ගන්නා විට ඔවුන් තුළ ප්‍රභූන් කෙරෙහි ඇති වෛරය ද රැගෙන එයි. ඔවුන් සංහතික සමාජය බලමුළු ගැන්වීමේදී ප්‍රභූ ආධිපත්‍ය “ සාමාන්‍ය ජනතාවගේ ” හඬින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට පොරොන්දු වනවා. එහෙත් උත්ප්‍රාසාත්මක ලෙස ඔවුන් විසින් ප්‍රභූන් පරාජය කල පසු ඔවුන් කලින් විවේචනය කල ජීවන රටාව, සුඛෝපභෝගී ජීවිතය, ඥාති මිත්‍ර සංග්‍රහ සහ සමාජයේ කැපී පෙනීම සහ සමාජ තත්වය නඩත්තු කරයි.


    සත්‍ය වශයෙන්ම ප්‍රභූන් බලයෙන් පහ කර “ සමාන්‍ය ජනතාවගේ පාලනයක් ” පිහිටවීමේ සිහිනය අවසන් වන්නේ ආරෝපිත වෙස් වලාගත් නිර්ප්‍රභූ නියෝජිතයින් ඔවුන් එරෙහිව සටන් කල ප්‍රභූන් බවට පරිවර්තනය වීමෙනි. නව පද්ධතියක් ගොඩනගනු වෙනුවට, ක්‍රමයේ වෙනසක් ඇති කරනු වෙනුවට ඔවුන් සුඛෝපභෝගී, වරප්‍රසාද, දූෂණ වැළඳ ගන්නා ජීවන රටාවක් වෙත අනුවර්තනය වෙමින් සිටී.

     

    GOTABAYA 20250908


    2019 ගොඨාභය ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව සිදු වූයේද එයයි. ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා: “ ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවෙනවා. පළමු වැන්න අහම්බයක් ලෙස. දෙවැන්න ඛේදවාචකයක් ලෙස ”. මෙරට සංහතික සමාජයේ පරමාදර්ශී සිහිනය යථාර්තයක් කර ගැනීමට ගැසූ අවසාන තුරුම්පුව වන මාළිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අද සිදුවෙමින් පවතින්නේ එයයි.

    19 වන සහ 20 වන සියවස් වලදි කාර්මීකරණය, නාගරීකරණය, අධ්‍යාපනය සහ ජනමාධ්‍ය විසින් පොදු ජන සමාජයක් හෙවත් සංහතික සමාජයක් ගොඩනගනු ලැබුවා. ඒ හා සම්බන්ධ වූ බහුජන ව්‍යාපාර විසින් මුල් රහිත පහසුවෙන් හැසිරවිය හැකි සංහතික මිනිස් සමාජයක් නිර්මාණය කරනු ලැබුවා. එමඟින් පවුලේ, ප්‍රජාවේ සහ සමාජයේ පැවති ධුරාවලිගත සාම්ප්‍රදායික බැඳීම් අහිමි උනා. විලියම් කෝර්න් හවුසර් (1949) වැනි විද්වතුන් තර්ක කලේ සාම්ප්‍රදායික ධූරාවලින් බිඳවැටීම නිසා සමාජයේ සැබෑ ප්‍රභූන්ගේ ස්ථාවර භූමිකාව විනාශ වූ බවත් ජනප්‍රියවාදී වාචාලයින්ට බලය අල්ලා ගැනීමට මග පෑදුනු බවත්ය.



    ජෝන් ස්ටුවර්ට් මිල් ට අනුව පන්ති වෙනස්කම් විනාශ කිරීම සහ සංහතික දේශපාලනයේ නැගීම විසින් සංස්කෘතික‍ සදාචාරාත්මක වටිනාකම් සහ බුද්ධිමය ප්‍රමිතීන් ඛාදනය කරයි. 19- 20 වන ශත වර්ෂ වල නාගරීකරණය, කාර්මීකරණය, අධ්‍යාපනය සහ ජනමාධ්‍ය විසින් යුරෝපයේ සංහතික සමාජයක් ඇති කලාක් මෙන් වර්තමානයේ මෙරට සංහතික සමාජයේ හදිසි අවදි වීමට සහ බලය අල්ලා ගැනීමට සමාජ මාධ්‍ය සහ ඩිජිටල්කරණය තීරණාත්මක මැදිහත්වීමක් සිදු කර තිබෙනවා.

     

    projects mend 20250908


    “බහුතරයේ කුරිරු පාලනයක්” ගැන අනතුරු අඟවමින් ජෝන් ස්ටුවර්ට් මිල් පැවසුවේ ජනතාවගේ ඝෝශාකාරී හඬ විසින් ස්වල්ප දෙනෙකෙුගේ ප්‍රඥාව තලා පොඩි කර දැමිය හැකි බවයි. ඔටෙගා ගැසට් තවදුරටත් පෙන්වා දුන්නේ සංහතික මිනිසා අධ්‍යාපනය ලබා ගනිමින්, මාධ්‍ය වෙත ප්‍රවේශ වෙමින් බලය අල්ලා ගන්නා නමුත් ඔහුට නායකත්වය දීමට සදාචාරාත්මක බව සහ බුද්ධිමය විනය නොමැති බවයි.

    සංහතිය විසින් රටක බලය අල්ලා ගැනීමේ අඳුරු පැත්ත පිළිබඳව අවධානය යොමු කරමින් හැනා අරේන්ඩ් මෙසේ පවසයි. සැබෑ ප්‍රභූන්ගේ මගපෙන්වීමකින් තොරව විරසක වූ සංහතිය කලහකාරී ලෙස දේශපාලනයට ඇතුළු වූ විට ඒකාධිපතිවාදය සඳහා සාරවත් භූමියක් නිර්මාණය වේ.



    නාසිවාදය, ස්ටාර්ලින් වාදය, පැසස්ට් වාදය නොමග ගිය සංහතික සමාජයේ කලහකාරී මැදිහත්වීමේ ප්‍රතිඵලයන්ය. සංහතිකවාදී ප්‍රතිපත්ති සහ ජනප්‍රියවාදී මාධ්‍ය ආඛ්‍යාන කෙටිකාලීනව අත්පොළසන් දිනාගනී. විශාල “ like” ප්‍රමාණයක් එකතු කර ගනී. එහෙත් එය අවසානයේ දීර්ඝකාලීන මහා ව්‍යසනයක් සඳහා දොර කවුළු විවර කරයි. ශ්‍රී ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.


    මිල් ගේ “ බහුතරයේ ඒකාධිපති පාලනය” සිට අරේන්ඩ් ගේ සංහතික සමාජයේ දේශපාලන මැදිහත්වීම පිළිබඳ අනතුරු හැඟවීම අදටත් වලංගුය.

     

    pradeep 20250908 (සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)

     ජනමාධ්‍ය අධ්‍යන අංශය
     කොළඹ විශ්ව විද්‍යාලය

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

     

     

    The leader.lk

  • ගල්කිස්ස මංසන්ධියේදී බිහිසුණු අනතුරක්

    ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබේ.

  • ගායන ශිල්පී චාමර රණවක ගුවන්යානයකදී කාර්යමණ්ඩලය සමඟ ගැටුමක් ඇති කරගෙන ?

    ප්‍රසංගයක් සඳහා කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව සිටි ගායන ශිල්පී චාමර රණවක අදාල ගුවන්යානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

    අධික ලෙස බීමත්ව සිටි ඔහු ගුවන් යානයට ගොඩවීමෙන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

    ඒ අනුව ගුවන් යානයේ ප්‍රධාන නියමුවා විසින් තීරණය කර ඇත්තේ මත්පැන් පානය කර නොමනා ලෙස හැසිරුණු ගායකයා තවදුරටත් ගුවන් යානයේ තබාගෙන ඩුබායි බලා පියාසර කළ නොහැකි බවටයි. එය ප්‍රධාන නියමුවා ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව ගුවන් යානයෙන් ඉවත් කරන ලද චාමර රණවක කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන විගමන කටයුතු සඳහා වූ සටහන් අවලංගු කිරීමෙන් පසුව ඔහුව මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගායන ශිල්පී චාමර රණවක පවසා ඇත්තේ ගුවන්යානය තුලදී තමන් කිසිදු අවස්ථාවක එහි කාර්යමණ්ඩලය සමග ගැටුමක් ඇතිනොකරගත් බවයි.

    කෙසේ වෙතත් සිද්ධිය වූ දිනයට පසුදින චාමර රණවක ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

    (nethnews)

  • ගාල්ල ජාතික රෝහල සහ මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන් ම අඩාළයි

    මෙම රෝහල් දෙකෙහි පිළිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙක බිඳවැටීම සිදුවී ඇති අතර ජුනි 04 වෙනිදා මඩකළපුව රෝහලේ යන්ත්‍රයත්, ජුනි 05 දා ගාල්ල ජාතික රෝහලේ යන්ත්‍රයත් බිඳ වැටී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න