#News tube

  • අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය

    පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • අද කාලගුණය

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල හා ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තරමක වැසි තත්වයක් ඇතිවිය හැකි බවත් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    ගිගුරුම් සහිත වැසි තත්වය ඇතිවීමේ දී තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • අද කාලගුණය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව හා නැගෙනහිර සහ ඌව පළාත්වල ද අද (13) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

  • අද සිට අකුරට වැඩ කරන ලංවීම..

    අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි. ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින්.


    මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් බලධාරීන් මේ සඳහා විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසූහ.

  • අමද්‍යප දා අරක්කු විකිණූ කුට්ටිආරච්චිලාගේ බාර්එකට සීල් තබයි…

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ මස්සිනාට අයත් හුංගම බටඅත ප්‍රාදේශයේ පිහිටා තිබෙන ‘‘පහන්යා“ Restaurant and bar නැමති ආයතනය ඊයේ (03) සීල් තබා තිබේ.

    ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

    ඊයේ අමද්‍යප දිනය වන අතර නීතියට අනුව ඊයේ දින සියලුම මත්පැන් හල් වසා තැබිය යුතුය. එසේ තිබියදී නීතී විරෝධී ලෙස හොර රහසේ මත්පැන් විකිණා තිබේ.

    ඒ අනුව නීතිවිරෝධීව මත්පැන් විකීණීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් හලට සීල් තබා ඇත.

    alcohol


    (lankatruth)

  • අමුතු ආකාරයකට වලදැමූ සිරුරක් චෙම්මනියෙන් මතුවේ

    විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා චෙම්මනි සමූහ සුසානයෙන් එරමිණිය ගොතාගෙන ඉන්නා ආකාරයක් දිස්වන ඇටසැකිල්ලක් පළමු වතාවට පාදාගෙන තිබේ.

    එය හින්දු චාරිත්‍රානුකූල භූමදාන සෙයියාවක් නොවන බව යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා විසින් තහවුරු කර ඇත. එම සිරුර හමුවී ඇත්තේ ඊයේ පාදාගත් ඇටසැකිලි පොදියත් සමගිනි.

    චෙම්මනි සමුහ සුසානයෙන් සිකුරාදා (5) පාදාගත් සිරුරු 5 සමග හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය හතලිහ දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ පුද්ගලයන් 11 දෙනකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

    ඊයේ පාදාගත් සිරුරු පොදියේ අඩුම වශයෙන් හිස් කබල් හයක්වත් තිබුණු බව වීඩියෝ දර්ශනවලින් දැකගත හැක.

    චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 235 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.

    ඊයේ විමර්ශන කටයුතු සිදුකෙරුණේ යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් යටතේය.




    කැනීමේ නිරත විශේෂඥයන්ගේ ඉල්ලීම පරිදි ඊයේ හමුවූ සුවිශේෂ ආකාරයකින් පිහිටි ඇටසැකිල්ල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කැනීම් භුමියට කැඳවන ලද යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා ඉදිරියේ දී අධිකරණයට වාර්තාවක් ලබා දීමට නියමිත බව නීතිඥ වී එස් නිරංජන් වැඩි දුරටත් සදහන් කරයි.



    සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

    එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.

    අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.

    ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

     

    chenmani 20250906

    chenmani 20250906 2

     

    The leader.lk

  • අයවැය නොවැම්බර් 7 වැනිදා

    2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ.

    කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරිය පැවසුවාය.

    මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.

    ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

    නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5, ප.ව 6.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟතාවය පළ වී ඇත.

    මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත් වේ.

    එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව 9.30ටත්, අන් සෑම දිනකම පෙ.ව 9.00ටත් රැස්වීමට මෙහිදී තීරණය වී තිබේ.

     

    The leaader.lk

  • අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

  • ආණ්ඩුව රාජ්‍යය ආයතන 33ක් වසා දැමීමට තීරණය කරලා - දුමින්ද නාගමුව

    ජනතාවගෙන් සඟවා, පාරිදෘශ්‍ය භාවය නමැති සංකල්පය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර, ආණ්ඩුව රාජ්‍යය ආයතන 33ක් වසා දැමීමට තීරණය කර ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය ආයතන ගණනාවක් ඈවර කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය ඊයේ (07 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

    ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයින් වන දුමින්ද නාගමුව සහ වී. වීරසිංහම් මෙහිදී අදහස් දක්වන ලදී.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

    වසා දැමීමට නියමිත ආයතන මොනවා ද...?

    ''රාජ්‍යය ආයතන 33ක් ඈවර කිරීමට එහෙම නැත්තං වසා දැමීම සඳහා මේ වෙද්දි කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවේ දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිරයා නිල වශයෙන් ප්‍රකාශ කළා.

    නමුත් මෙතන තියන ප්‍රශ්නෙ තමයි මෙහෙම වසා දැමීමට නියමිත රාජ්‍යය ආයතන 33 මොනවද කියලා රටට හෙළිදරව් කරලා නෑ. නලින්ද ජයතිස්ස ඒ වෙලාවේ ආයතන 9ක නම් විතරයි කිව්වේ. අපි කැබිනට් මණ්ඩල වාර්තා පරීක්ෂා කළා, නමුත් ඒ කිසිවක මේ වසා දැමීමට නියමිත ආයතන මොනවද කියලා කිසිඳු සඳහනක් නෑ.

    අපිට මෙතනදි ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ආණ්ඩුව පාරිදෘශ්‍ය භාවය කියන සංකල්පය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා ජනතාවගෙන් හංගලද මේ රාජ්‍යය ආයතන වහලා දාන්න යන්නේ ? අනිත් එක තමයි කිසිඳු ආයතනයක නමක් නොදැනද කැබිනට් මණ්ඩලය මේ තීරණයට අත ඉස්සුවේ?

     

    අගමැතිනියගේ අධ්‍යාපන රහස කුමක් ද...?

    පසුගිය අප්‍රේල් 5වෙනි දා මේ අණ්ඩුව ඉන්දියාව එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කළා, හැබැයි අද වෙනකල් ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා රටට හෙළිදරව් කරලා නෑ.

    අධ්‍යාපන ඇමතිවරිය මැදිහත් වෙලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. නමුත් ඒ වැඩපිළිවෙළ තවමත් ජනතාවට ඉදිරිපත් වෙලා නෑ. ශිෂ්‍යය සංගම් විශ්වවිද්‍යාල ආචාර්‍යවරු මේ ගැන අහද්දි අගමැති තුමිය උද්ධච්ච ප්‍රකාශ කරමින් යනවා.

    දැන් මෑතක ඇමරිකාව පනවපු තීරුබදු අඩු කරගන්න එකඟතාවකට ආවා කිව්වා. හැබැයි ඒ එකඟතා මොනවද කියලා රටට කියන්නේ නෑ. ඇහුවම කියනවා ඒක රහසක්ලූ.

     

     දැන් ආණ්ඩුව මේ යමින් ඉන්නේ අමුතුම පාරක. කිසිම දෙයක් රටට කියන්නෙ නැතුව තමන්ට හිතුණ හිතුණ දේ කරනවා. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ තමන්ට විශාල ජන වරමක් ලැබුණාම ඕන ඕන සෙල්ලමක් රට ඇතුළේ කරන්න පුළුවන් කියලා.

     

    නඩුත් එක්කම ෆයිල් ක්ලෝස්...?

    දැනට ආණ්ඩුව වසා දමනවා කියලා ප්‍රසිද්ධ කරපු ආයතන 9 ගත්තමත් අපිට ප්‍රශ්න ගණනාවක් පැන නගිනවා. lanka logistics & technologies කියන ආයතනය ඈවර කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අපි දන්නවා පසුගිය ඉතිහාසය පුරාවට මේ ආයතනය ආයුධ ගනුදෙණු සම්බන්ධ චෝදනා ලබපු ආයතනයක්. එතකොට අදාළ ඈවර කිරීමෙන් පස්සේ මේ චෝදනාවලට මොකද වෙන්නේ? ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරනව ද? නැත්තං ඒ පරීක්ෂණත් මෙහෙමම ඈවර වෙනව ද කියන ප්‍රශ්න අපිට තියනවා.

    ඊළඟට common wealth games කියන ආයතනයත් මේ ලයිස්තුවට ඇතුළත්. ඒ ආයතනයට බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා තියනවා.

    ඊළගට පසුගිය කාලේ පුරාම දේශපානලන වේදිකාවල පවා සාකාච්ඡා වුණු මිහින් ලංකා ආයතනයත් මේ ලයිස්තුවට අයත්. දැන් හොරු අල්ලනවා කියලා ආව ආණ්ඩුව නඩුත් එක්කම ෆයිල් ක්ලෝස් කරන්න ද සූදානම් වෙන්නේ කියන බරපතළ සැකය අපිට මතු වෙනවා.

     

    ආණ්ඩුව විකුණන දේපළ කිසිවකු මිලදී ගන්නේ ඇයි...?

    අනිත් කාරණය තමයි මේ ආයතන වහලා දැම්මට පස්සේ ඒවගෙ දේපළ සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක් ද ? අපිත් දන්නවා මේ ඇතැම් රාජ්‍ය ආයතනවල ඒවා හදපු කාලේ අවශ්‍යතා සහ දැන් තත්ත්වය වෙනස්. හැබැයි මේ ආයතන හදලා තියෙන්නේ විශාල මහජන මුදලක් යොදවලා. එහෙම නම් ඒවගේ දේපළ වෙනත් රාජ්‍ය ආයතනයකට පවරනව ද, එහෙම නැත්තං විකුණනව ද, කියලා ජනතාව දැනගන්න ඕන.

    එහෙම විකුණනවනං ඒ විකුණන්නේ කාට ද කියන ප්‍රශ්නෙත් අපි අහනවා. මොකද මේ පාඩු ලබනවා කියලා ආණ්ඩුව විකුණන දේපළක් යම්කිසි සමාගමක් මිලදී ගන්නේ සාලේ ඉස්සරහ ප්‍රදර්ශනය කරන්න වෙන්න බැහැ.

     

    සමාලෝචන වාර්තා නිර්දේශවලට පිටින් ඇවර කරන්නේ ඇයි...?

    ආණ්ඩුව මීට ටික කාලෙකට කලින් රාජ්‍ය ආයතන 166ක් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව හදලා තිබුණේ අමාත්‍යංශ ලේකම්වරු 11දෙනෙකුගේ කමිටුවකින්. ඒ කමිටුව නිර්දේශ කරලා තිබුණේ රාජ්‍ය ආයතන 13ක් ඈවර කරන්න. ලංකා කජු සංස්ථාව, හද බිම අධිකාරිය, ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතන 13ක් තමයි මේ වාර්තාවේ වහන්න නිර්දේශ කරලා තිබුණේ.

    ඒ ආයතන 13 වසා දැමීමට ගත් තීරණයෙත් බරපතළ ගැටලු ප්‍රමාණයක් තියනවා. අපි ඒ ගැන කලින්ම රටට කිව්වා. දැන් ඒ තිබිය දී ආණ්ඩුව අලුතින් වහන්න යෝජනා කරන්නේ වෙනස්ම ආයතන 33ක්. එතකොට මෙ වාර්තාවෙ නිර්දේශවලට පිටින් ගිහින් තමයි වාර්තාවක්වත් නැතුව අලුතින් ආයතන 33ක් ඈවර කරන්න සූදානම් වෙන්නේ.

     

    ආණ්ඩුව, රනිල්ගේ වැඩ පිළිවෙළ කොටස් විදිහට දිගහරිමින්...

    මේ තියෙන්නේ කෙළින්ම රනිල් වික්‍රමසිංහ ඉදිරියට ගෙන ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනාශකාරී ආර්ථික වැඩපිළිවෙළම තමයි. මොකද මීට කලින් රනිල් තමයි කිව්වේ රාජ්‍ය ආයතන 400ක් වහන්න ඕන කියලා. දැන් ඒ න්‍යායපත්‍රය ආණ්ඩුව කොටස් විදිහට දිගහරිමින් ඉන්නවා. ඒක කරන්නෙත් ජනතාවට කොළේ වහලා. ඒ නිසා මේක ඉතාමත් පිළිකුල්සහගත තත්ත්වයක්. ජනතාව මේ ආණ්ඩුවෙන් මෙහෙම හැසිරීමක් අපේක්ෂා කළේ නෑ. අපි මේ වෙලාවේ ආණ්ඩුවට බල කර කියා සිටිනවා වහාම මේ කරන්න යන්නෙ මොකක්ද කියල රටට හෙළිදරව් කරන්න කියලා. ආණ්ඩුව එහෙම නොකළොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නත් අපි ජන අරගල සන්ධානය විදිහට සූදානම්."

     

    (සටහන - ජයසිරි අලවත්ත)

     

    The leader.lk

     

  • ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපි - සජිත් ප්‍රේමදාස

    දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


    ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.

    එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    ඒකාබද්ධ ගමනකට එක්වන්න

    ''මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරීම යි. ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා. අපි ඉන් බැහැර වන්නේ නැහැ. දූෂණයට, වංචාවට සහ හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යි.

    රජය සහ රජය සම්බන්ධ පාර්ශ්ව වලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි යි.

    සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ යි. මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා. භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස සංස්කෘතික නිදහස තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යන්නට එක්වන්න.

    පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි යි.

    නිදහස් මාධ්‍ය අයිතිය සුරකිමු

    එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු යි. ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු යි. මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරවා.''


  • ආණ්ඩුවේ ගණපූරණයට මොකද වුණේ...?

    සාමාන්‍ය ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් එපා යැයි පවසමින් බලය ලබාගත් මාලිමා කණ්ඩායම සහිත ආණ්ඩුවේ පාර්ලිමේන්තු ගණපූරණය නොමැති වීම බරපතළ ගැටලුවක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • ආරණ්‍ය සේනාසනයක් නෙවෙයි, අපයෝජන මධ්‍යස්ථානයක්!

    ආගමික සංස්ථාවල වැඩිහිටි පූජ්‍ය පක්ෂයෙන් දරුවන් අපයෝජනය ගැන අපි දිගින් දිගටම කතා කළා. මේකෙ එක තැනකදි ටිකක් බලවත් විදිහට මතු වුණා අටමස්ථානාධිපති හේමරතන හිමි සම්බන්ධ සිදුවීම.. ඒක ආණ්ඩුවට එකතු වුණ ලොකු කළු පැල්ලමක් කියලා විවාදයක් නෑ..

  • ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

    දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහට දැනුම් දී තිබේ.

  • ආර්ථිකය ශක්තිමත් නම් ඩොලරය ඉහළ යන්නේ ඇයි - හර්ෂ ද සිල්වා

    අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරය බාරගන්නා විට ඩොලරයක මිල පැවතියේ රුපියල් අනූවක පමණ මිලකට වුව ද මේ වන විට එහි විකුණුම් මිල රුපියල් 313ක් 314ක් පමණ වන බවත් එය මෙය වැරැදි මානයකට ගමන් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

  • ඇප හිමිවූ රතන හිමි

    අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


    ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මතයි.

  • ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට  

    ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය.

    මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

    එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

    දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.

     

    ada derana.lk

  • ඉදිරි වසර තුන තුළ හෙද සේවාවට නව බඳවාගැනීම් 13 600ක් –අමාත්‍ය නලින්ද ජයතිස්ස

    ඉදිරි වසර තුනක කාලය තුළ මෙරට හෙද සේවාව සඳහා දහතුන් දහස් හයසියයක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

  • ඉන්දියාවේ සෑම් මනෙක්ෂෝ සහ ලංකාවේ මහින්ද රාජපක්ෂ

    නිදහස් ඉන්දියාවේ හත්වැනි යුද හමුදාපතිවරයාවු සෑම් මනෙක්⁣ෂෝ ඉන්දියාවේ යුද වීරයෙක් ලෙස අදටත් සම්භාවනාවට පාත්‍රවන එරට ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා විය.

    හෙතෙම ඉන්දියාවේ බහුතර ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූයේ ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ නියමය පරිදි පාකිස්ථානයෙන් ඉන්දියාවට එල්ල වූ තර්ජන සමනය කරමින් 1971 දී එරට දෙකඩ කොට බංගලිදේශය නමින් අලුත් රටක් නිර්මාණය කිරීමෙන් දකුණු ආසියාවේ දේශපාලන බල තුළනය ඉන්දියාවේ වාසියට නතුකර ගැනීම නිසාය.

    අනතුරුව ඔහුට ඉන්දියාවේ ඉහළම හමුදා නිලය වන ෆීල්ඩි මාෂල් තනතුර සමග පද්මභූෂන් ගෞරව සම්මානයද පුද කොට ගරු කිරීමට තරම් ඉන්දීය රජය. කෘතවේදී විය. අනතුරුව ඉන්දිරා ගාන්ධි අගමැතිවරිය මනෙක්ෂෝ මහතාට මහා බ්‍රිතාන්‍යයේ ඉන්දීය මහ කොමසාරිස් තනතුර භාරගන්නා ලෙසද ආරාධනා කළේය.

    ඒ අවස්ථාවේ ඔහු අගමැතිනිය දැඩිව කීවේ "මැතිනියනි ඉන්දියාවේ දස ලක්ෂයක් හමුදාවට අණ දුන් මට ඔබේ විදේශ ලේකම්වරයා යටතේ සේවය කරන්නැයි කිම මට කරන අගෞරවයක් " කියාය. තමන්ගේ විශ්‍රාම දිවිය දරුමුනුපුරන් සමඟ ගත කිරීම වඩාත් සුවදායක බවද ෆිල්ඩි මාෂල්වරයා අගමැතිනියට කීය.

     

     

     

    අනතුරුව අගමැති කාර්යාලයෙන් පිටවු ඔහුට ඉන් පූර්ණ විශ්‍රාම වැටුප් සහිතව දකුණු ඉන්දියාවේ වෙලින්ටන් හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂ නිල නිවසක් ප්‍රමාණවත් ආරක්ෂක සෙබළුන් සියලුම ආරක්ෂක වාහන සමග ගිලන් රථයක්ද මිය යන තෙක්ම සපයා තිබිණි. ආණ්ඩු මාරුවුවාට ඔහුගේ ජාතික වීරත්වය කිසිදු ආණ්ඩුවක් හෑල්ලුවට ලක් කළේ නැත.

     

     

    අබ්දුල් කලාම් ජනාධිපතිවරයාව සිටි කාලයේ මනෙක්ෂෝ මහතාට ගරු කරනුවස් ඉන්දීය රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක පරිත්‍යාගයක්ද රජය විසින් කරනු ලැබිය.
    එපමණක් නොවේ ඉන්දියාවේ හිටපු අගමැතිවරුන්ද මේ ආකාරයෙන්ම ආණ්ඩුවේ ආරක්ෂාව සහ ගරු සැලකිලි මැද ජීවත් වන බව ප්‍රසිද්ධ රහසකි.

    අප මෙම පූර්විකාව ලිව්වේ, මෙරට 30 වසරක යුද්ධය හමාර කොට ත්‍රස්තවාදීන්ගේ උපරිම තර්ජනයට ලක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෙඩිනොවදින නිල රථය ඇතුළු වාහන සහ නිල නිවස අහිමි කළ අයට අපේ අසල්වැසි ඉන්දියාව රටේ ආරක්ෂක ප්‍රධානියෙකුට සැලකු ආකාරය දැනගැනීම පිණිසයි.

    මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු සේනාධි නායකයාය. ඔහුට නැති ආරක්ෂාවක් ඔහු යටතේ සේවය කළ ෆිල්ඩි මාෂල්ට අනෙක් හමුදාපතිවරුන් දෙදෙනාට අදටත් හිමිව තිබේ. අපි එය වරදක් යයි කිසිසේත්ම නොකියමු.

    ඒත් වැඩිම තර්ජනය ඇත්තේ ත්‍රිවිධ හමුදාවට එදා අණදුන් සේනාධිනායකයාට බව වත්මන් රජයට නොතේරේ නම් එය දේශපාලන කුහක කමයි

     

     

     

    ඉන්දියාව තමන්ගේ රටේ දේශපාලන බල තුලනය තහවුරු කළ හමුදා ප්‍රධානියාට ලබාදුන් ගෞරවය වත් රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ හිමිකම ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා නොදීම අක් මුල් සිදු අකෘතඥ ජාතියක සහ ආණ්ඩුවක කෙරුවාව ලෝකය හමුවේ හෙළිදරව් කොට තිබේ.

     

     

    (විශේෂ ලියුම්කරුවකු විසිනි)

  • ඉන්දීය මහ බැංකුව හදිසියේම ගත් තීරණය මෙන්න

    ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්ය.

    කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණන් මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

    සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ.

    (adaderana)

  • උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි

    උඩුනුවර සමූපාකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාපත්කර ගැනීම සඳහා වු ඡන්දයේදී පොදු විපක්ෂ නියෝජනය කළ කණ්ඩායම ඡන්ද 09-00 ක් වශයෙන් ජයග්‍රහණය කොට තිබේ.

    මෙම ඡන්දය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයක සිට මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මැවු අතර එය වත්මන් ආණ්ඩු බලය හිමි කණ්ඩායම් සහ විපක්ෂ කණ්ඩායම් අතර විවිධ මතභේදාත්මක ගැටලු මතුව තිබියදී ජනාධිපතිවරයා මහනුවර සංචාරයක නිරතව ගොස් පසුදින පැවති මෙම ඡන්දයේදී පොදු විපක්ෂය මේ ආකාරයට ජයග්‍රහණයක් ලබා ගැනීම දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක සිදුවීමක් බව බොහෝ දෙනකුගේ අදහසයි.

    ( ada | ෂේන් සෙනෙවිරත්න)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න