හිටපු අමාත්‍යවරියක වූ චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (04) නියම කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේ ය.
විනිසුරුවරිය විත්ති පාර්ශ්වයට නියෝග කළේ, සංශෝධිත අධි චෝදනා පත්‍රයේ පිටපත් ලැබුණු පසු මූලික විරෝධතා ගොනු කරන ලෙසයි.
චන්ද්‍රානි බණ්ඩාරට අල්ලස් කොමිසමෙන් නඩු පැවරුවේ ඇයි?
පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඇයට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව පසුගිය මැයි 20 දා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබිය.
එම නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහි ව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ, චෝදනා 11 ක් එල්ල කර තිබිණ.
2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට ඉහත චෝදනා එල්ල වී ඇති ක්‍රියාවන් සිදු වී ඇතැයි එයින් චෝදනා කරයි.
කෙසේවුවද එදින විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට විනිසුරුවරයා නියම කළේ ය.
චන්ද්‍රානි බණ්ඩාර යනු කවු ද?
යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ, 2000 - 2001 කාලවකවානුවේදී ය.
ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.
ඉන්පසුව ඇය 2001 - 2004, 2004 - 2010, 2010 - 2015 සහ 2015 -2020 කාලවකවානුවලදී පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
ඇය 2015 වසරේ සිට වසර කිහිපයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ සභාපතිත්වය දැරුවා ය.
The leader.lk