ජාතික නිදහස් පෙරමුණේ අභිප්‍රාය විමල් වීරවංශ හෙළි කරයි

ජාතික නිදහස් පෙරමුණේ අභිප්‍රාය විමල් වීරවංශ හෙළි කරයි

ජාතික නිදහස් පෙරමුණ ආරම්භයේ සිට ම වසර ගණනාවක් තිස්සේ මේ රටේ සහ ජාතියේ ඉරණම් කතාව ලියන සහ තීරණය කරන, ප්‍රඥාවන්ත භාවයත් ධෛර්යයසම්පන්න භාවයත් දෙකම එකට පිහිටා තිබෙන දේශපාලන ප්‍රවාහයක් යැයි  ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) කොළඹ පැවති විශේෂ උත්සවයක දී ය.

මෙම භූමිකාව ඉටු කිරීම සඳහා ප්‍රඥාවන්ත භාවය සහ ධෛර්යසම්පන්න භාවය එකට තිබිය යුතු බව පෙන්වා දුන් හෙතෙම, ජානිපෙ එම ගුණාංග දෙකම ඒකරාශී කරගෙන ඉදිරියට යන බලවේගයක් බව සඳහන් කළේ ය. ඒ සමගම, පක්ෂයට මුහුණ දීමට සිදුවූ කටුක අත්දැකීම් සහ ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කළ විමල් වීරවංශ, උතුරු සහ නැගෙනහිර වෙන්කිරීම වැළැක්වීම සහ ආරක්ෂක හමුදාව මානුෂීය යුද්ධ ජයග්‍රහණය සඳහා ජානිපෙ ඉටු කළ පුරෝගාමී කාර්යභාරය ආදී වශයෙන් රටේ පොදු ජනතාව ගේ යහපත වෙනුවෙන් කළ මැදිහත්වීම් ගැන ද විස්තර කළේය.

මතු පළ වන්නේ එම උක්සවයේ දී විමල් වීරවංශ කළ සම්පූර්ණ කතාව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න