Language Switcher

Ad

Ad 01

V2025

ජනතාවගෙ බලාපොරොත්තු ඉටු කරන්න ආණ්ඩුවට කාලයක් දිය යුතුයි - බන්ධුල ගුණවර්ධන

ජවිපෙ ප්‍රමුඛ මාලිමා රජය ජනතාවට ලබා දුන් බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා එම රජයට නිශ්චිත කාලපරිච්ඡේදයක් ලබා දිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වන බන්ධුල ගුණවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම අවස්ථාවේ දී තව දුරටත් කරුණු දක්වමින් බන්ධුල ගුණවර්ධන පැවසුවේ තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ජනතාව විසින් පැවති සියලු ම දේශපාලන පක්ෂ සහ පාට ක්‍රමවේද ප්‍රතික්ෂේප කර නව රටක් ගොඩනැංවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ තෝරාගෙන ඇති බවයි.

තමන් මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක දේශපාලන න්‍යායපත්‍රය වෙනුවෙන් පෙනී නොසිටින බව ද හෙතෙම අවධාරණය කළේ ය.