රජයේ සංචාරක කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලට අත්වැලක් වෙමින් දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමට මුල පුරයි.
දකුණු කොරියාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ හෙට (19) කටුනායකින් මෙරටට පැමිණේ.
ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ වැඩසටහනට සමගාමීව දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවණ්‍යය ක්ෂේත්‍රය පාදක කර ගනිමින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට වැඩපිළිවෙළක් හෙට (19) ඇරඹේ.
ඒ අනුව දකුණු කොරියාවේ රූපලාවණ්‍ය සත්කාරක අධ්‍යපන සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පිරිසක් අද (18) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.
දකුණු කොරියානු K-BEUTY රූපලාවන්‍ය සම්බන්ධ එරට OPEN CYBER UNIVERSITY, SU SONG UNIVERSITY, INTERNATIONAL BEAUTY INSTRUCTOR ASSOCIATIONS ,COSIMICO KOREA ආයතනයන්හී ආචාර්ය මහාචාර්යවරු සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මෙරටට පැමිණෙන අතර එහි ශ්‍රි ලංකාවේ සම්බන්ධීකරණය ලෙස FEDERATION OF FILM MEDIA CULTURE ENTERTAINMENT ආයතනය කටයුතු කරයි.
23-24-25- තෙදින පාඨමාලා රැසක්

මෙරටට පැමිණෙන නියෝජිත පිරිසගේ සහභාගීත්වයෙන් මෙම මස 23-24-25- තෙදින කැලණිය විශ්ව විද්‍යාලයේ පෑලියගොඩ පිහිටී පරිගණක සහ තොරතුරු තාක්ෂණ පීඨයේ එල් 9 ශාලාවේදී පාඨමාලා රැසක් පැවැත්වේ.
මෙහි මුලික අරමුණ සංචාරක රූපලාවණ්‍යය සත්කාරක සේවා ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කිරීම බව හා FFMCE සම නිර්මාතෘ රවින්ද්‍ර ගයනාත් ප්‍රකාශ කළේය.
මෙම වැඩ සටහන ආරම්භ කිරීමේ මූලික සාකච්ඡා දෙරටේ නියෝජිත පිරිස අතර පසුගියදා දකුණු කොරියාවේදී පැවැත්විණි.
ඒ අනුව දකුණු කොරියාවේ තේගු නගර සභාව සහ ශ්‍රි ලංකාවේ බේරුවල නගර සභාව පාදක කොටගෙන මෙය ඇරඹීමට නියමිතය .
මේ පිළිබඳව යෝජනාව දකුණු කොරියාවේ තේගු නරගයේ නගර සභාවේ පරිපාලන සංචාරක රූපලාවණ්‍යය දෙපාර්තමේන්තුව භාරව බලධාරින් සමඟ සාකච්ඡාවට බේරුවල උප නගරාධිපති විමලසිරි සිල්වා හා FFMCE සම නිර්මාතෘ රවින්ද්‍ර ගයනාත් හා ප්‍රමුඛ ශ්‍රි ලංකාවේ නියෝජිත පිරිසක් එක්ව සිටියේය.
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් සහ අත මිට සරු රූපලාවණ්‍යය ක්ෂේත්‍රයක් ගොඩනැගීමට දකුණු කොරියාවේ වෘත්තීය මට්ටමෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති මෙම අංශය භාවිත කළ හැකි බව එරටට ගොස් පැමිණි ශ්‍රි ලංකාවේ නියෝජිත පිරිස ප්‍රකාශ කරති .
ඔවුන් හා දකුණු කොරියානු බලධාරින් සමඟ කළ සාකච්ඡා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් සහ අනාගත ආර්ථික සංවර්ධනයට මෙම ක්ෂේත්‍රය යොදා ගැනීමට ඇති විභවතාවය පැහැදිලි කර ගැනීමටත් මින් අවස්ථාවක් වූ ලැබුණු බව ද FFMCE සම නිර්මාතෘ රවීන්ද්‍ර ගයනාත් වැඩිදුරටත් කියා සිටියේය.
(ජේ.මුණසිංහ)

