දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (24) කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා එහි දී නියෝග කළා.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යොදවා ගනිමින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙන බවයි අල්ලස් කොමිසම දන්වා සිටියේ.
එහිදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව එක් නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනයට අනිසි වාසියක් සැලසීම සහ ඒ තුළින් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
