තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එම ව්‍යාපාරය එලෙස සඳහන් කරන්නේ එහි මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම මාධ්‍ය නිවේදනයට අනුව සත්‍ය වශයෙන් ම දැනට අවශ්‍යව ඇත්තේ පනත සංශෝධනය කිරීම නොව මේ වන විටත් තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ය.
මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
තොරතුරු පනතට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැත
කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත්ය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නේ තොරතුරු දැනගැනීමේ පනතට අවශ්‍යව ඇත්තේ සංශෝධන නොවන බව ය. සැබෑ අවශ්‍යතාවය වන්නේ මේ වන විටත් තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ය.
වාර්තා වන ආකාරයට මේ වන විට තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවයන් අතර සම්පත් හිඟය සහ තනතුරු ගණනාවක්ම පුරප්පාඩු වී පැවැතීම ප්‍රමුඛ වේ. එමෙන්ම මහජනයාට තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති කරුණු පිළිබඳව රජයේ ඇතැම් අංශ විසින් තොරතුරු ලබා නොදීම මඟින් තොරතුරු කොමිසම අවතක්සේරු කරන සිදුවීම් වාර්තා වීම ද කිසිසේත්ම යහපත් නොවේ. දූෂණ විරෝධි ක්‍රියාවලිය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය මඟින් ලැබෙන සහාය රජය අගය කල යුතුය.
ඇත්ත වශයෙන්ම රජය අවධානය යොමුකල යුත්තේ එවැනි කරුණු පිළිබඳව ය. එම අවධානය නොපමාවම යොමුකරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.
සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2025.11.18

