දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රීලනිපයේ විධායක සභිකයකු ගෙන් පැමිණිල්ලක්

දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රීලනිපයේ විධායක සභිකයකු ගෙන් පැමිණිල්ලක්

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ලෙස දයාසිරි ජයසේකර පිළිබඳව පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන එච්. එම්. පී. හේරත් විසින් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභපති නිමල් සිරිපාල ද සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම ලිපියෙන් දයාසිරි ජයසේකර වෙත චෝදනා තුනක් එල්ල කර ඇත.

මතු පළ වන්නේ එම පැමිණිල්ල ය.

නිමල් සිරිපාල ද සිල්වා

ජ්‍යේෂ්ඨ උප සභපති

ශ්‍රිලංකා නිදහස් පක්ෂය

හිටපු මහලේකම් ලෙස දයාසිරි ජයසේකර මහතා පිලිබදව පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරන පැමිණිල්ල

01. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් වරයා ලෙස සිටිය දී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් නොමැතිව පක්ෂයේ අරමුදලෙන් වෙනත් පක්ෂ සාමාජ්කයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා යෙදවීම

02. පක්ෂයේ ලේකම් තනතුරෙන් පහ කොට තිබිය දී සහ පක්ෂය අක්‍රීය පක්ෂයක් ලෙස තිබිය දී 2024 මහ මැතිවරණයේ දී ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස ගිවිසුමක් අත්සන් කිරීම සහ පක්ෂයේ පොදු අනුමැතියක් නොමැති වීම

3. පක්ෂයේ සක්‍රීය සභපති ලෙස සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලබාදුන් චෝදනා පත්‍රය අනුව ඔහුට විනය පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු

ස්තුතියි

මෙයට - විශ්වාශී

එච්.එම්.පී.හේරත්

විධායක සභික - ශ්‍රිලංකා නිදහස් පක්ෂය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න