කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පර්යේෂණ විශිෂ්ටතා සම්මානය මහාචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ දිනාගෙන ඇත.
ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මානය මහාචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ වෙත පිරිනමනු ලැබුවේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසිනි.
2023, 2024, 2025 වසරවල කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා සෙනෙට් සම්මාන ද දිනාගනු ලැබුවේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විෂය පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන මහාචාර්ය වීරසිංහ ගේ පර්යේෂණ, ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර ඔහුගේ ලේඛන Sage, Routledge යනාදි ජාත්‍යන්තර පොත් සමාගම් විසින් පළ කරනු ලැබ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
