රට තුළ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව විමසීමේ දී නැවත අවස්ථාවාදී ආගමික නැඹුරුවකට රටේ දේශපාලය ගමන් කරන බව පෙනී යයි. ඊයේ (03) දිනයේ දී බටහිර නීතිය අනුගමනය කරන නීතිඥ සංගමයේ සභාපති මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරුන් ද ගොස් මල්වතු අස්ගිරි හිමියන් හමුවීමට කටයුතු කළේ ය. එම හමුව සම්පූර්ණයෙන් කේන්ද්‍රගත වූයේ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙනි.
ජන්දයෙන් පත් වූ ආණ්ඩුව පුරාණ රජ කාලයේ ආගමික උපදෙස් පිළිගත යුතු ද...?
(සුසිල් ජයශාන්තගේ කාටුනයකි.)
එම හමුව අවසන් වීමෙන් පසුව නීතිඥ සංගමයේ සිංහල බෞද්ධ සභාපති ප්‍රකාශ කළේ මල්වතු අස්ගිරි නායක හිමිවරුන් මෙම විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව සිය අප්‍රසාදය පළ කළ බවත් මේ වන විට ආණ්ඩුව විසින් එය නොසලකා හැර ඇති බවත් ය. ඔහුට අනුව ජන්දයෙන් පත් වූ ආණ්ඩුව වහාම පුරාණ රජ කාලයේ මෙන් ආගමික උපදෙස් පිළිගත යුතු ය.
මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට සාමාන්‍ය මනුස්සයෙකුට පෙනී යන්නේ නීතිඥ සංගමයේ සභාපතිවරයා සිය ස්වයං තීරණයකට අනුව ගොස් නායක හිමිවරුන් මුණගැසුණු බවයි. නමුත් තත්ත්වය මීට වඩා වෙනස් ය. නීතිඥ සංගමයේ සභාපති යනු රනිල් වික්‍රමසිංහ ගේ රූපකයකි.
අප පිළිගත යුතු සත්‍යයක් වන්නේ මේ රටේ කිසිදු දෙයක් තවමත් යටත්විජිත යුගයට පසු වෙනස්වී නොමැති බවයි. එනම් විපක්ෂයේ වැඩසටහන, දිශානතිය තීරණය කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නොව රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු සිංහල විපක්ෂයේ න්‍යාය පත්‍රය සකස්කරයි. මෙය සජිත් ප්‍රේමදාසත් හොඳින්ම දන්නා කරුණකි. නමුත් මේ අවස්ථාවේදී ඊට එරෙහිව කටයුතු කිරීම නුවණට හුරු නොමැති බැවින් ඔහු රනිල් වික්‍රමසිංහට ඔය මාර්ගයේම යන්නට දී බලා සිටී.
මිනිස්සු ද බුදු දහම සමග දක්වන නරුම සම්බන්ධය
රනිල් වික්‍රමසිංහ යනු පැරණි දේශපාලන ආකෘතියට අයත් පාලකයෙකි. ඔහු රාජතාන්ත්‍රික ලෙස නුතන වුවත් බලය ලබා ගැනීමට යොදා ගන්නේ පුර්ව නුතන උපක්‍රම ය. ඔහු කටයුතු කරන්නේ යටත්විජිත ස්වාමියා විසින් අපිට ලබා දුන් දේශපාලන ආකෘතියට අනුවය. එනම් බෙදා වෙන් කොට පාලනය කිරීම, ආගම, නීතිය යනාදි සාධක මත දේශපාලනය සිදු කිරීම යනාදිය ඔහු විසින් සිදුකරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ නීතිඥ සංගමයට උපදෙස් දෙන්නේ මල්වතු අස්ගිරි නායක හාමුදුරුවරුන්ව මුණ ගැසෙන ලෙස යි.
මේ අවස්ථාවේ ආණ්ඩු බලය උසුලන ජනතා විමුක්ති පෙරමුණ ද මල්වතු අස්ගිරි හිමියන්ව හමුවීමට යන්නේ බොරුවට මිසක සත්‍යය ආගමික භත්තියකින් නොවෙයි.
පවුල සහ රාජ්‍යය අතර පවතින පන්ති මානය
හවසට රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නොලබන මෙරට සාමාන්‍ය ජනතාවට මොවුන් දෙගොල්ලන් ගේ මේ සෙල්ලම් ශත පහකට වැඩක් නැත. මිනිස්සු ද බුදු දහම සමග දක්වන්නේ නරුම සම්බන්ධයකි. සාමාන්‍ය මිනිස්සුන්ගේ අපේක්ෂාව වන්නේ පෙර පාලන කටයුතු සිදු කරන ලද්දේ පල් හොරුන් පිරිසක් වන අතර මෙම පල් හොරුන්ව අල්ලා හිරේ දැමීම දෙස බලා සිටීම ය. ආණ්ඩුව ද මොවුන්ට අවශ්‍ය කරන එම ඩෝස් එක අඩුවක් නොමැතිව ලබාදෙමින් සිටී. එබැවින් මිනිසුන් ආණ්ඩුව වටා සංවිධානය වෙයි. එබැවින් විපක්ෂය මේ වෙලාවේ නොදන්නා සත්‍ය වන්නේ මෙරට ජනතාව ආගම සමග නරුම පරතරයක් තබාගෙන සිටින බැවින් ආගමෙන් රට පාලනය වෙනවා කියා කියන්නේත් යල් පැන ගිය අදහසක් බවයි.
නීතිඥ සංගමයේ සභාපති මෙසේ කියයි. "නිතිපති අනුමැතිය යනු ව්‍යවස්ථාවට අනුකූල යන්න නොවේ." එය නිවැරදි ය . එපරිද්දෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ "මිණුම් දණ්ඩ" නීතිඥ සංගමය ද නොවේ. එය පවුල සහ රාජ්‍යය අතර පවතින පන්ති මානයක් සහිත සිවිල් සමාජයේ කොටසක් පමණි.
Samabima Party
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
