කෝටි 25 පිටුපසින් විමුක්ති ජනාධිපති ධූරයට; ඔහු මේ දිනවල සිංහල ඉගෙනගනිමින්!

කෝටි 25 පිටුපසින් විමුක්ති ජනාධිපති ධූරයට; ඔහු මේ දිනවල සිංහල ඉගෙනගනිමින්!

චන්ද්‍රිකා විසින් "විපතට පත් ඊනියා හිංසක ජනතාව" වෙනුවෙන් කෝටි 25ක් ලබා දී ඇත (එම මුදල හරිණි වෙත ප්‍රධානය කිරීමේදී චන්ද්‍රිකාගේ ඉරියව් සහ මුහුණේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කල අයෙකුට ඇය කෙතරම් කෝපයෙන් සහ පිළිකුලෙන් යුතුව එකී ක්‍රියාව කරන්නේ ද යන්න වටහා ගත හැකිය).

ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දීම සඳහා ඇය සහ තම ගෝඩ් ෆාදර් තනතුර අහිමිව ඇති "වෙබ් ගෝඩ්ෆාදර්" ප්‍රදිනන්දිස් විසින් කටයුතු කරමින් සිටී. හෙළිදරව් නොවන අකාරයෙන් මෙය සිදු කිරීම සඳහා වියදම් කර විශාල සමාජ මාධ්‍ය මෙහයුමක් දියත් කර ඇත.

මේ අතර විමුක්ති මේ දිනවල එංගලන්තයේ සිට සිංහල ඉගෙන ගනිමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි. විමුක්ති දේශපාලනයට එන බව තහවුරු වන්නේ ඒ තුලිනි.

සජිත්, නාමල්, හෝ චම්පික රටේ ජනාධිපති තනතුරට පත්නොවන බව අප මීට කලකට පෙර පැහැදිලිව විශ්ලේෂණය කර පෙන්වන ලදී (සබැඳිය: https://web.facebook.com/share/p/17C4GrSt5o/ ).

කුජීත වී ඇති ශ්‍රීලනිපයේ ජෙෂ්ටයින් සහ වත්මන් ආණ්ඩුව පෙරලා දැමීම සඳහා මානබලන අය මේ තත්වය පිළිබඳව ඉතා සාවධාන බව පෙනී යන්නේ ඒ සඳහා විමුක්ති යොදා ගැනීම තුලය.

විමුක්ති දේශපාලනයට පැමිණෙනුයේ සත්ව කරුණාවෙන් පිරිපුන්, බල්ලන්ට දැඩි සෙනෙහසක් දක්වන, "ජවිපෙ මාරයින් විසින් කුරිරු ලෙස මරා දැමූ" නොකිලිටි, සෙලබ්‍රිටි පියාගේ නොකිලිටි පුත්‍ර රත්නය ලෙසය. මෙම ආගමනයට නාමල් පවා එරෙහි නොවන්නේ ඔවුන්ට බේරී සිටිය හැක්කේ ඒ දේශපාලන ව්‍යාපෘතිය සමග ඩීල් කිරීමෙන් පමණක් බව ඔවුන් ද දන්නා බැවිනි (නාමල් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ජයගත නොහැකි නම් ජයගත හැකි අයෙකුට සහය දී මේ ආණ්ඩුව පෙරලා දමන බවය).

විමුක්තිගේ ආගමනය තුල මුලින්ම ඔහු සමග එකතු වන්නේ උග්‍ර ජවිපෙ විරෝධීන් සහ ශ්‍රීලනිපයයි. ඉන් පසුව ක්‍රමයෙන් "ජාතික සභාව", "දිනන දකුණ" චම්පික ඇතුළු පිරිස්, සහ නාමල්, සජිත්, රනිල් ඇතුළු විපක්ෂ බලවේග වල පරිස් ඊට එකතු වනු ඇත (මින් දැඩිම අර්බුධයට යනු ලබන්නේ සජිත් ප්‍රේමදාසයි).

තම දරුවන් දේශපාලනයට නොගෙනන බව ශපත කල චන්ද්‍රිකා මෙම තීරණය ගනු ලබන්නේ ඇයට ඇයගේ ආත්මීයත්වයට අදාළ ඇයගේ උරුමය අහිමි වීමේ ක්ෂිතිය (අවිඥානයට ඇති සම්බන්ධය) තුලය.

මෙම තෝරාගැනීම හොඳින් ගණනය කර සිදු කල ක්‍රියාවක් බව පෙනී යන්නේ ජවිපෙ තහවුරු වීමට එරෙහිව යෙදවිය හැකි "සුපිරිසිදු" චරිතයක් සහ ඒ සඳහා විභවයක් ඇති චරිතයක් ඔහු සතු බැවිනි.

මේ බව තේරුම් නොගන්නා මෝඩ ජවිපෙ මේ සඳහා ප්‍රචාරයක් ලබා දෙමින් තිබේ.

(උපුටා ගැනීම - ස්පාටකස් ලිපි ෆේස්බුක් පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න