කොළඹ වරාය ආසන්නයේ බෝයාවේ ඉන්ධන ගොඩබාන නල මාර්ගයක කාන්දුවක්

කොළඹ වරාය ආසන්නයේ බෝයාවේ ඉන්ධන ගොඩබාන නල මාර්ගයක කාන්දුවක්

කොළඹ වරායේ පළමු බෝයාවේ ඉන්ධන ටැංකියකින් බොරතෙල් ගොඩබෑම සඳහා භාවිතා කරන නල මාර්ගයක කාන්දුවක් අනාවරණය වී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ නල මාර්ගය හරහා ඉන්ධන ගොඩබෑම තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, කාන්දුව අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්ය.

මේ අතර, වෙරළාරක්ෂක බලකාය මුහුදු ජලය සමඟ මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එම කාර්යය සඳහා 'සමරක්ෂා' නෞකාව යොදවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙහෙයුමට සහාය වේ.

කාන්දු වූ බොරතෙල් සාම්පල එකතු කර පරීක්ෂාව සඳහා යවා ඇති බවත්, බොරතෙල් ලීටර් 200 ක් පමණ මුහුදට කාන්දු වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න