කොළඹ බාන්ස් පෙදෙසේ කෝටි ගණනක් වටිනා ඉඩමක් අඩු වටිනාකමක් යොදා ලියාපදිංචි කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදු කරන ලද මහා පරිමාණ වංචාවක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පවසා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් කරුණු දක්වමින් කියා සිටියේ මෙම සංවිධානාත්මක අපරාධයට පොලිස් නිලධාරීන් සහ රෙජිස්ට්‍රාර් කාර්යාල නිලධාරීන් සම්බන්ධ වී ඇති බවට හැඟී යන හෙයින් විමර්ශන නිසි පරිදි සිදු කළ යුතු බව යි. එබැවින් අදාළ විමර්ශනවලට සහාය දැක්වීම වගඋත්තරකාර පාර්ශ්වයේ වගකීමක් බව ද පෙන්වා දුන්නා. අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බව ද පැවසුවා.
කොළඹ බාන්ස් පෙදෙසේ නොම්මර 18 ස්ථානයේ පර්චස් 43 ක ඉඩම ප්‍රසිද්ධ වාහන අලවි සමාගමක් විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවු අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කළා. අදාල සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා නීත්‍යනුකූලව අදාළ ඉඩම මිලදීගෙන ඇති බව ය. මෙම විමර්ශනය කරන නිලධාරීන් ඉල්ලා සිටින ඉඩම් ඔප්පුවල මුල් පිටපත් අධිකරණයට භාර දීමට අවසර ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියා.
අදාල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ දිලීප පීරිස්, විමර්ශකයින්ට ඉදිරිපත් කළ යුතු ලේඛන අධිකරණයට භාරදීම මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව පෙන්වා දුන්නා.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ක්‍රියාවලියට අධිකරණයට මැදිහත් විය නොහැකි බැවින් ලේඛන භාර ගැනීමට නොහැකි බව පෙන්වා දුන්නා.
නිසි ක්‍රියාදාම අනුගමනය කර විමර්ශන සිදු කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.
විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ගොනුව බහා තැබීමට ද නියෝග කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
