Image

සලේ ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම 06 දක්වා කල් යයි

සලේ ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම 06 දක්වා කල් යයි

තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.

එහි දී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළේ ය.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 06 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න