Image

සරත් විරවංශ තව දුරටත් රිමාන්ඩ්

සරත් විරවංශ තව දුරටත් රිමාන්ඩ්

විමල් වීරවංශ ගේ සොහොයුරා සරත් විරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන ජූලි 28 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැර ඇත.

මෙම වාහන ඥාතීන් පස් දෙනකුට, ජාතික නිදහස් පෙරමුණ සාමාජිකයන් දස දෙනකුට සහඅමාත්‍ය මණ්ඩල සාමාජිකයන් 22ක ලබා දී ඇති බවට විමර්ශන අනාවරණය කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න