සමාජ මාධ්‍ය හෝ දේශපාලන මර්දනයට හදිසි නීතිය අතට ගන්න කිසිම උපදෙසක් දී නෑ - ඇමැති ආනන්ද විජේපාල

සමාජ මාධ්‍ය හෝ දේශපාලන මර්දනයට හදිසි නීතිය අතට ගන්න කිසිම උපදෙසක් දී නෑ - ඇමැති ආනන්ද විජේපාල

සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබාදී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල  පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  උපදෙස් දී ඇත්තේ මේ ආපදා තත්ත්වය පිළිබඳව මහජනයා බියගන්වන සහ නොමඟ යවන පුවත් ප්‍රචාරය කිරීම පාලනය කිරීමට සහ මහජනතාවට බාධාවකින් තොරව අවශ්‍ය සහන සැලසීම සඳහා හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගැනීමට බවද ඇමැතිවරයා කීය.

දේශපාලනඥයන් වශයෙන් තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හදිසි නීතිය භාවිතා කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යම් මට්ටමේ දේශපාලනයෙන් බිහිවුණු රජයක් ලෙස කිසිම වුවමනාවක් නැති බවද හෙතෙම අවධාරණය කළේය.

“සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයන් විවේචනය කිරීමට ජනතාවට අයිතියක් තියෙනවා. එමෙන්ම පුවත්පත් ඔස්සේ ද එසේ කිරීමේ හැකියාව තියෙනවා. හදිසි නීතිය මාධ්‍ය මර්දනය කිරීම සඳහා භාවිතා කිරීමට අවශ්‍යතාවක් නැතිවා මෙන්ම ඔවුන් තම සීමාව දැනගෙන එය සිදුකරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.

ඇළවේලි පුපුරන බව ඇතුළු විපතට පත්වූ ජනතාව කුපිත කරන ප්‍රචාර වැළැක්වීම රජයේ වගකීමක් බවත් එසේ කරන පිරිසට එරෙහිව කටයුතු කිරීමට පවතින නීති ප්‍රමාණවත් බවත් ඇමැතිවරයා කියා සිටියේය. මහජනයා කුපිත කරන සමාජ මාධ්‍ය හසුරුවන පිරිස් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න හඳුනාගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

හෙතෙම මෙම අදහස් දැක්වීම සිදුකළේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල  සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පිරිස් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගතයුතු බවට සිදුකර තිබූ ප්‍රකාශ සම්බන්ධයෙන් ‘දිවයින’ වැඩිදුර තොරතුරු විමසීමක් කළ අවස්ථාවේදීය.

මේ අතර උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ 57 දෙනකු හඳුනාගත්ත ද ඔවුන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

| divaina.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න