හිටපු බුද්ධි අංශ නිලධාරි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක...
මහා පරිමාණ මුදලාලිලා ආරක්ෂා කරන ගමනක
''අද වෙනකොට බඩ ඉරිඟු ගොවීන් ඉන්නේ ඉතාම සෝචනීය තත්ත්වයක. ඇමතිවරු මේ ඇමතිකම් ලබාගන්න කලින් ගොවියන් ගැන කතා කරපු විදිය අද කොවියන්ට හොඳට මතක් වෙලා තියෙනවා. කුඹුරුවලට බැහැලා ගොයම් කැපුවා, අස්වනු නෙළ කොට ළඟ හිටියා. අද ගොවි බිමේ හිටපු කිසි කෙනෙක් නැහැ. එදා ආණ්ඩුවට විරුද්ධව ගොවියෝ පාරට බස්සපු මිනිස්සු අද ඔවුන් ගේ ආණ්ඩුවක දී ගොවියන් අමතක කර කටයුතු කරනවා. එදා අපි ගොවියට උපරිම දේ දෙන විටත් කිව්වේ මේ දෙන ප්‍රමාණය මදි කියලා. අද ඔවුන් කියනවා අපි ඉන්න ගොවියා වෙනුවෙන් නෙවෙයි පාරිභෝගිකයා වෙනුවෙන් කියලා ඉතා පැහැදිලි ප්‍රකාශයක් මාධ්‍ය ඉදිරියේ කළා. 135 මිල තීරණය කරන්න කලින් ඔවුන්ට බඩ ඉරිඟු කරලක් 140 ට 145 විකුණන්න පුළුවන්කම තිබුණා නමුත් ආණ්ඩුව මේ මිල ප්‍රකාශ කිරීමත් සමග ඔවුන් කබලෙන් ලිපට වැටිලා මහා පරිමාණ මුදලාලිලා ආරක්ෂා කරන ගමනක තමයි ඔවුන් යන්නේ. බඩගිරිඟුවලට වියදම් කරන ගාණවත් අද ගොවියාට ලබා ගන්න විදියක් නෑ. පුද්ගලික අංශයට අද බඩ ඉරිඟු ගෙන්වන්න බලපත්‍ර දෙන්න සූදානම් වෙනවා. අපි ආණ්ඩු ආණ්ඩුව කරනකොට ඔබතුමාලට ගොවියගෙ දුක තේරුණා නං ඔබලා ආණ්ඩු කරනකොට ගොවියගෙ දුක තේරෙන්නේ නැත්තේ ඇයි? රටේ බඩ ඉරිගු නිෂ්පාදනය අඩුයි නම් ඔබතුමලාට කරන්න පුළුවන් එකම දේ මදි බඩ ඉරිඟු ප්‍රමාණය ආණ්ඩුවෙන් ගෙන්වන්න; පසුව එක මිලකට මේවා විකුණන්න.
rolls Royce ගෙනාවේ කාගෙ සල්ලිවලින් ද?
අද වී මිල රුපියල් 85ට බැහැලාා තියෙනවා. ආණ්ඩුව ලබා දීලා තිබුණ එකසිය විස්සක මිලක්. ඔබතුමාලා බලන්න වී අලෙවි මණ්ඩලයේ ගබඩා කීයක් ඇරලා තියෙනවද කියලා. නෑඹිලිය කුස්සියෙන් අයින් කළේ ලාල් කාන්ත කියනවා වගේ rolls royce ගේන්න නෙවෙයි. මේ දෙන්න ම මගේත් එක තරහා වෙන්න එපා. ඔබතුමාලා රෝල්ස් රොයිවල යන්නේ අපේ ගොවි ජනතාව බොහොම අමාරුවෙන් දුක් ම්හන්සි වෙලා තමන්ට අවුරුද්දක් කන්න බලාගෙන වපුරපු හාල් ටික අරගෙනයි.
යුද්ධය වෙනුවෙන් කැප වූ නිලධාරියා අත්අඩංගුවට
අපි දැක්කා ඊයේ දිනේ දී සුරේ සලේ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. උතුරේ පුනරින් ප්‍රාදේශීය සභාවෙන් තීන්දු අරගෙන තියෙනවා හමුදාවේ සුභ සාධක මධ්‍යස්ථානවලින් ආහාර ගනුදෙනු සහ දෙමළ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරනවා නම් මෙම තහනම් කරන්න කියලා. වේලුපිල්ලේ ප්‍රභාකරන් මැතිතුමාගේ නිවස නංගිට දෙන්න සහ සේවනය බවට පත් කරන්න කියලා සාකච්ඡා වෙනවා. තැන් තැන්වල ඝාතන සිදුවෙනවා. මේ සියල්ල හුදකලා සිද්ධීන් විදියට ආණ්ඩුව දකිනවා. නමුත් අපි දේශපාලඥයින් විදියට මේවා හුදකලා සිද්ධීන් විදියට දකින්නේ නැහැ. යුද හමුදාව සමඟ ගනුදෙනු කරන්න එපා කියලා ම තමයි දෙයක් දෙමළ ජනතාවට ගේනවා නම්. ප්‍රභාකරන්ගෙන් නිවස යළි ඔවුන්ට දෙන්න කියලා යෝජනා එනවා නම්, යුද්දේ වෙනුවෙන් කැප කිරීමක් කළ නිලධාරියාව අත්අඩංගුවට ගන්නවනම් මේවා හුදකලා සිද්ධීන් ද? අපි යුද්දේ ඉවර කරලා සියලු දෙනාම පුනරුත්ථාපනය කළා. සියලු දෙනා සහ ජීවනයෙන් හිටියා. නැවත ආයි උතුරෙන් එන පණිවිඩය මොකක්ද? මේකට දකුණෙන් කවුරු හරි කිව්වත් දෙමළ කඩවලින් බිස්නස් කරන්න එපා කියලා. මොකද වෙන්නේ...? අවුරුදු දහසයකට පස්සේ නැවත ජාතිවාදය ඇතිවෙනවා නම් මේවා නැවත්විය යුතුයි.
ප්‍රහාරය වෙනකොට හිටපු ප්‍රබලයින් තුන් දෙනෙක් අද ආණ්ඩුවේ
ජනාධිපතිතුමා කියනවා බෞද්ධයෝ උතුරට යන්න අවශ්‍ය නෑ කියලා. කවුද මේවට උල්පන්දම් දෙන්නෙ? කවුද මේවට මතවාද හදන්නේ? තමන්ගේ අනාගත බලය වෙනුවෙන් ඡන්ද ලබා ගන්න මේ වැඩ කරන්න එපා. එතුමා අත් අඩංගුවට අරන් තියෙන්නෙ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් අපිට ප්‍රශ්නයක් නෑ. එතුමා වැරැද්දක් කරලා තිබෙනවා නම් දඩුවම් ලැබිය යුතුයි. උත්තර දෙන්න... එක පැත්තකින් ඔහු අත්අඩංගුවට ගැනීම අපිට දුකක් වගේම සතුටකුත් තියෙනවා. එතුමා හැමදාම මහ මොළකාරයා කියනවා. ඔවුන්ගේ ඥාතීන් ජීවත් වෙන්නේ කොහොම ද, ළමයින් මූණ දෙන්නේ කොහොමද? අද ඔහුට පුළුවන් ඔහු ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න. සාමාන්‍ය විදිහට බැලුවොත් පාස්කු ඉරිදා සිද්ධිය ගත්තොත් හැමදෙනා ම දන්නවා මේ ප්‍රහාරයට කලින් ඒක අපි දැනගත්තා කියලා. කලින් බුද්ධි තොරතුරක් ලැබුණා ද, ක්‍රියාත්මක වුණාද, නැද්ද...? රවි සෙනවිරත්න අද ඉන්න කොහෙද...? ආණ්ඩුවේ... බෝම පහසුයි ම ක ලෙහා ගන්න. ශානි අබේසේකර අද ඉන්නේ කොහෙද...? ආණ්ඩුවේ... අරුණ ජයසේකර කොහෙද ඉන්නේ...? ආණ්ඩුවේ. මේ ප්‍රහාරය වෙනකොට හිටපු ප්‍රබලයින් තුන් දෙනෙක් අද ආණ්ඩුවේ ඉන්නවා. මේක මට මේසක ඉඳගෙන සාකච්ඡා කරලා විසඳා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. බොහොම ලේසියිනේ අවුරුදු හතක් බලන් ඉන්න අවශ්‍ය නෑ. මහා මොළකරු හොයන්න කලින් බුද්ධි තොරතුරක් ලැබිලා ඇයි මේ රටේ දේශපාලඥයෝ, ආරක්ෂක අංශ ඇයි ක්‍රියාත්මක නොවුණේ කියලා හොයන්න.
13.5% විදුලි බිල වැඩි කරන්න හේතුව
ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා එක නැවක විතරයි ප්‍රශ්නය තිබුණේ කියලා. දැන් ඉතින් දෙයියන්ගෙන් තමයි අහන්න වෙන්නේ. ඉංජිනේරුවො පවා මාධ්‍ය හමු තියලා කියනවා මේවා බාලයි, යන්ත්‍ර උපකරණ වලට හානි වෙනවා කියලා. ඉතින් මේක බාලයි කියන කතාව යට ගහන්න හදන්න එපා ඒක මහා විනාසයක් රටට කරන ඔබතුමාලා 13.5% විදුලි බිල වැඩි කරන්නේ මේක නිසා කියලා අපි හිතනවා.''

