සම්මානිත මහාචාර්ය විජිතපුර විමලරතන හිමි විසින් රචිත "ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ කළ තුවාල 64" සහ මහාචාර්ය විමලරතන හිමි සහ පුෂ්පකුමාර විසින් රචිත "Debt Crisis in Sri Lanka: Facts and Fallacies" යන කෘති කොළඹ වෘත්තීය සංගම් මූලස්ථානයේ (OPA) දී මෙම මස 30 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
මහාචාර්ය විමලරතන හිමියන්ගේ "තුවාල 64" කෘතිය මගින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමට හේතු වූ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, යැපුම් මානසිකත්වය සහ දේශපාලන අනුග්‍රහය යනාදි ප්‍රධාන සාධක 64ක් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කර ඇත.

මෙය හුදෙක් අතීත අසාර්ථකත්ව පිළිබඳ වාර්තාවක් පමණක් නොව, දේශීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීම සඳහා වන මාර්ග සිතියමක් ලෙස ද හඳුන්වා දී ඇත.
එමෙන්ම "Debt Crisis in Sri Lanka" කෘතිය මගින් 2022 ආර්ථික අර්බුදයට බලපෑ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) හරහා අධික පොලියට ණය ගැනීම සහ අපනයන අංශ කෙරෙහි අවධානය යොමු නොකිරීම යනාදි කරුණු දත්ත සහිතව තාක්ෂණිකව විග්‍රහ කර ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණවල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමේ වැදගත්කම වටහා ගැනීමට මෙම කෘතිය වැදගත් මූලාශ්‍රයක් වනු ඇත.
ජයසිරි මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
