Image

ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන අද (ජූනි 01 ) සිට

ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන අද (ජූනි 01 ) සිට

මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණයවීම වැලැක්වු රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණි. එසේම අඛණ්ඩව මෙම සාධනීය තත්වය පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය හා ප්‍රශංසාව හිමිවිය.

මෙම වැඩපිළිවෙළෙහි මීළඟ පියවර ලෙස ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන අද, ජූනි 01 දා සිට ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වලදී අද ආරම්භ විය.

ඒ අනුව අද (ජූනි 01) සිට ශ්‍රී ලංකාවේ ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීම (හෙපටයිටිස් - බී - Hepatitis B virus -තිබේදැයි සොයා බැලීමට) පරීක්ෂා කිරීම මේ වන විටත් ආරම්භ වී තිබේ. අද සිට ඉදිරියට දිවයිනේ සියලු මාතෘ සායන වලදී මෙසේ රුධිරය පරීක්ෂා කිරීම සිදුවේ.WhatsApp Image 2026 06 01 at 2.35.07 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න