මහාචාර්ය චන්න ජයසුමන ලියා පළ කරන "උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" ගවේෂණාත්මක කෘතිය මාර්තු 4වන දා සවස 3ට කොළඹ 07, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
මෙතෙක් ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවී ඇති සියලු ම බෞද්ධ උරුමයක් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඒවායෙන් හමු වූ පුරාවස්තු සියල්ලක් ඡායාරූපයට නගා විස්තර සහිතව මෙම කෘතියේ දක්වා ඇත. කෘතිය A3 ප්‍රමාණයේ වර්ණවත් පිටු 168කින් සමන්විත වන අතර වර්ණ ඡායාරූප 700කට වැඩි ප්‍රමාණයක් අඩංගු වෙයි.
උත්සවයේ මුලසුන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් උසුලන අතර අස්ගිරි විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක වලේබොඩ ගුණසිරි හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම හිමි සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක අදහස් දැක්වීමට නියමිත ය.
කෘතිය සුසර ප්‍රකාශනයක් වන අතර රුපියල් 9000 ක් වන කෘතිය එදින රුපියල් 5000ක විශේෂ මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත.


