Image

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නංවමින්, මාධ්‍ය වෘත්තිකයින් සඳහා පිළිගත් වෘත්තීය ප්‍රමිතීන් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එමගින් මෙරට මාධ්‍ය වෘත්තිය සඳහා වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීම, පවත්වාගෙන යෑම සහ වර්ධනය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

මාධ්‍ය වෘත්තිය යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ මෙන්ම ජනමතය ගොඩනැගීමේ අතිශය වැදගත් වගකීමක් දරන ක්ෂේත්‍රයකි. එබැවින් මාධ්‍ය වෘත්තිකයන්ගේ දැනුම, වෘත්තීය නිපුණතාව, වගකීම් සහ ආචාරධර්මීය ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය මඟින් මාධ්‍ය වෘත්තිකයින් ගේ වෘත්තීය සංවර්ධනය, පුහුණු අවස්ථා පුළුල් කිරීම, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ප්‍රමිතීන් සමග ගැළපෙන මාධ්‍ය වෘත්තීය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත.

මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න