ශ්‍රී ලංකාවේ සමස්ත ඛණිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ නිස්සාරණය ඉන්දියානු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සමාගම්වලට පවරාදීම සඳහා රහසිගත අවබෝධතා ගිවිසුමක් සකස් වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ (NFP) නායක විමල් වීරවංශ චෝදනා කළේ ය.
ඔහු මෙම චෝදනාව ඉදිරිපත් කළේ බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ (NFP) පක්ෂ කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මෙම ගිවිසුම තවමත් ප්‍රසිද්ධියට පත් නොකර ඇති බවත්, එය ඉතා නුදුරු දිනක දී අත්සන් කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ගිවිසුමේ ඡායා පිටපතක් ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමිනි.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී ජාතික නිදහස් පෙරමුණේ (NFP) නායක විමල් වීරවංශ ඉදිරිපත් කළ සම්පූර්ණ හෙළිදරව්ව ය.

