ලාභ ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට බෝනස් සහ පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට දිමනාවක් ලබා දෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ අද (31) පස්වරුවේ නාවලපිටිය ලංගම ඩිපෝවේ නිරික්ෂණ චාරික්වකට එක් වෙමින් මේ බව කියා සිටියේය.
එහි අඩුපාඩුකම් සොයා බැලීමේ අවස්ථාවේදී එම ඩිපෝ සේවකයින් විසින් රජයෙන් ලංගම සේවකයින්ට ලබා දෙන බව පැවසූ බෝනස් මුදල නොලැබුණ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීමෙන් අනතුරුව අමාත්‍යවරවයා මේ බව සඳහන් කළේය.
නාවලපිටිය ලංගම ඩිපෝවේ දැනට පවතින අඩුපාඩුකම් සපුරාලිමට කටයුතු කරන බවත්, එම අඩුපාඩුකම් සපුරාලීමෙන් අනතුරුව එම ඩිපෝව ආදායම් ඉහළ දැමිමට සේවකයින් කැපවීමෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.
(hirunews)

