“හිතන දේ වෙන්නේ නැහැ – වෙන දේ හිතා ගන්න බැහැ” පාඨය ලාංකික මධ්‍යමානිකයන් දැඩිව ආකර්ෂණය කර ගැනීමට කාලීන හේතුවක් තිබේ.
එනම් අනුර කුමාර ප්‍රමුඛ මාලිමාවට ඡන්දය දුන් ඔවුන් සිතූ දේ නොවීමත්, වෙමින් තිබෙන කිසිවක් ඔවුන්ට සිතා ගන්නට බැරි වීමත් ය. කොටින් ම මෙම ප්‍රකාශය මෙකල ලාංකිකයාගේ අනුකම්පා සහගත අපේක්ෂා භංගත්වය අසවසා ගැනීමට උපකාරී වන ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන ලෝක දෘෂ්ටියකි.
නූගත් කුම්මැහි ලාංකිකයා සිතුවේ අනුර කුමාර සැබැවින් ම පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් උදා කරනු ඇත කියා ය. ඔවුන් සිතුවේ ඔවුන්ට පොහොසත් වීමට නොහැක්කේ ඔවුන්ට ඉර්දියෙන් ලැබිය යුතු කිසියම් ධනස්කන්ධයක්, අනුර කුමාර විසින් පුන පුනා කියූ හොරුන් විසින් හොරකම් කරන නිසා ය කියා ය. නමුත් හොරු ගෙදර යවා වසරක් ගත වී ඇතත් කිසිවක් වෙනස් වී නැත. සැබැවින් ම වී ඇත්තේ ඊනියා හොරුන්ගේ කාලයේ සිටියාටත් වඩා ලාංකිකයා දුප්පත් වීම ය. රට තව තවත් ණය උගුලේ හිර වීම ය. ලෝකයා ඉදිරියේ තව තවත් පීචං වීම ය. හිතන දේ වෙන්නේ නැහැ – වෙන දේ හිතා ගන්න බැහැ කියන්නේ ඒ නිසා ය.
කත්නොරුවේ බුරියානි අරගලකාරයා කරන්නේ ඉතිහාසයේ ලොකු ම රැවටීමට පත් අනුකම්පා සහගත බොළඳ ලාංකිකයාට කෝචෝක් කිරීම ය. ඔවුන්ගේ ලැජ්ජාව අසවසා ගැනීමට සෙලෝෆේන් අමුඩ රෙද්දක් දීම ය. මාලිමාවට ඡන්දය දුන් අමනයන්ට දැන් ඇත්තේ එය පමණී. කත්නොරුවාගේ බොරුව පෙන්වා දෙනවාට ඔවුන් අකමැති ඒ නිසා ය.
ලාංකිකයා වනාහි බොරුවෙන් ම ජීවත් වන්නෙකි. එක බොරුවකින් මිදීමට ඔවුන්ට හැක්කේ තවත් ලොකු බොරුවක එල්ලීමෙන් පමණී. ලාංකිකයා මුදවා ගැනීමට වෙහෙසීම නිෂ්ඵල ක්‍රියාවකි. ධර්මය ඔබට මග වේවා!
(සටහන |එරන්ද ගිනිගේ)
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 ඔක්තෝබර් 12

