ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස පත් කරන ලදී.
එහි සෙසු සාමාජිකයන් ලෙස බී. සනත් පූජිත, ඊ. ආර්. වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ. එම්. ආර්. ජයසුන්දර, ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ, වෛද්‍ය එස්. ඒ. ඒ. එන්. ජයසේකර සහ එම්. එච්. මොහමඩ් සමීල් යන අයපත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් එම සාමාජික සාමාජිකාවන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (09) පස්වරුවේ භාරදෙන ලදී.
අදාළ පත් වීම් සිදුකර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති සාමාජික ධුර වෙනුවෙනි.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
