මහජනයා විසින් පත්කරනු ලබන පාලකයින් කළ යුත්තේ මහජනයාගේ අනාගත අධ්‍යාත්මික යහපත වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට මුදල් වැඩිපුර වෙන් කර, එය ආර්ථික ප්‍රවර්ධනයට ද උපයෝගි කර ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ජයදේව උයන්ගොඩ විසින් රචිත කෘති දෙකක් පසුගිය දිනවල ජනගත කළ ද ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයෙහි සේවයේ නියුතු ධම්ම දිසානායක හැර අන් කිසිවකු සහභාගි වූයේ නැතැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඒ අන්කිසිවක් නිසා නොව ජනතා විමුක්ති පෙරමුණෙහි දෙබිඩි බව නිසා යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
