Image

රැජින ගේ බෝඩිමේ භික්ෂුව සහ 1971 තරුණ නැගිටීම

රැජින ගේ බෝඩිමේ භික්ෂුව සහ 1971 තරුණ නැගිටීම

පසුගිය ජුනි 02වන දාට යෙදුණ ආචාර්ය විශාකා කුමාරි ජයවර්ධන ඇගැයීමේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ‘රැජින ගේ බෝඩිම’ ගැන කීප විටක් සඳහන් කළා. මේ රටේ රැජින ගේ බෝඩිං’ තිබුණේ 1972 මැයි 22 දා තෙක් පමණයි. ඊට පස්සේ එය ආණ්ඩුවේ බෝඩිම බවට පත් වුණා.

ආණ්ඩුවේ හිරගෙවල්වලට ජනයා විවිධ නම් පටබැන්දා. ‘ගල් පල්ලිය’, මහ උළුගෙදර, ආණ්ඩුවේ බෝඩිම එයින් කීපයක්. මගේ මතකයේ හැටියට මහාචාර්ය උයන්ගොඩ, 1977 හිරගෙදරින් ආවට පස්සේ ‘රැජින ගේ බෝඩිම’ ගැන ප්‍රසිද්ධියේ කතා කළ මුල්ම අවස්ථාව මෙය යි. ඔහු එදින තරුණ කැරලිකරුවන් හිරගෙවල් ‘සරසවි’ බවට පත් කර ගත් ආකාරය විස්තර කළා. හැබැයි ඊට පෙර අපේ පියසිරි කුලරත්න සගයා ‘ තක්සලාවක් වූ සිපිරිගෙය’ නමින් මීට අවුරුදු 30 පෙර අපුරු මතකයක් සමූහයක් ජනගත කළා.

මේ දිනවල මම කියවා අවසන් කළ උපාලි ගජනායකගේ ‘T559’ නවකතාවත් එම යුගයට අයිති ඉතිහාසයක් ගැන ලියැවී තිබෙන්නේ. උපාලි, උයන්, වගේම එම නවකතාවේ කතා නායක ‘කාශ්‍යප’ භික්ෂුවත් 1971 වෙද්දී පේරාදෙණි සරසවියේ ශිෂ්‍යයෝ. ඔවුන්ගේ දේශපාලන මතවාද සහ හැසිරීම නිසා භද්‍ර යෞවනය ගෙවුණේ සිරගෙවල් තුළයි.

චරිතාපදානයක් ලෙස ලියැවෙන්නට තිබුණු කාශ්‍යප භික්ෂුව ගේ දේශපාලන ජීවිතය හා ඛේදනීය මරණය නවකතාවක් කිරීම ගැන මගේ මනාපයක් නැත. එහෙත් දේශපාලන භික්ෂුව අවධිවීම, තල්දුවේ සෝමරාම [ අගමැති බණ්ඩාරනායකගේ ඝාතකයා] 1971 කැරලිකාර භික්ෂුව ද අපට T559 නවකතාවේ දී හමුවෙනවා. රටේ තරුණ නැගිටීමක් ඉදිරියේ පාලකයන්, පොලීසිය , ත්‍රිවිධ හමුදා හා හිරගෙවල්වල හැසිරීම මෙහි මනාව විස්තර කෙරෙනවා. එයි අපුර්වත්වය වන්නේ යටත් විජිත ‘රැජින ගේ බොඩිම’ නූතන සමුහාණ්ඩුවේ බෝඩිම අතරේ කිසිම වෙනසක් නොතිබීම යි.

උපාලි ගජනායක

ස්තුතියි උපාලි ගජනායක..!

නන්දන වීරරත්නනන්දන වීරරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න