රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේ දී නිලධාරින් ගේ ප්‍රවාහන කටයුතු මෙන් ම කාර්යාල විවෘතව පවත්වාගෙන යෑම සඳහා සැලකිය යුතු තරම් ඉන්ධන ප්‍රමාණයක් භාවිත කෙරන බවත්,
මේ වන විට මැදපෙරදිග කලාපයේ නිර්මාණය වී ඇති යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේ දී ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවක් ඇතිවුවහොත් පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු අතර එම තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය සේවාවලට වඩා වැඩි ඉඩක් ලබා දීම වෙනුවෙන් කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විශෙෂතීරණ කිහිපයක් ගත් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සියලු ම: අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ප්‍රධානින් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.
මතු පළ වන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර ගේ අත්සනින් යුත් එම සම්පූර්ණ නිවේදනය යි.

