මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මැයි 01 වැනිදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මැයි මස 30 වැනිදා වෙසක් රාජ්‍ය උත්සය පැවැත්වීමට එකඟතාව පළකර ඇති බව මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
