මාධ්‍ය මර්දනයට එරෙහි "ජාතික ජනමාධ්‍ය වේදිකාව" බිහි වෙයි

මාධ්‍ය මර්දනයට එරෙහි "ජාතික ජනමාධ්‍ය වේදිකාව" බිහි වෙයි

‘‘ජාතික ජනමාධ්‍ය වේදිකාව’’ විසින් පැවැත් වූ ‘‘කළු ජනවාරියේ ඒකාබද්ධ හඩ’’ පසුගිය දා මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ දී මාධ්‍ය සංවිධාන 23ක නියෝජිතයින්ගෙන් සහ සමාජ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් පිරිසක ගේ සහභාගීත්වයෙන් පැවැත්වී ය.

යුක්තිය ලබා ගැනීම වෙනුවෙන්...

මෙහි අරමුණ වූයේ උතුර, දකුණ, නැගෙනහිර, බටහිර සහ කඳුකරයේ ඇති සියලු ම මාධ්‍ය සංවිධාන එන වේදිකාවකට ගෙන එමින්: මරා දැමූ, අතුරුදන් කළ සහ පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදීන් සහ ගිනි තැබූ මාධ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් යුක්තිය ලබා ගැනීම ය. එහි දී එකී යුක්තිය ලබා ගැනීම වෙනුවෙන්:

1. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන සදහා යුක්තිය ලබා ගැනීමට සහ සත්‍යය සෙවීම සඳහා බලතල සහිත විශේෂ කොමිසමක් පත් කරන ලෙසත්, 2. ආරක්ෂක අංශවල දූෂණයට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව විමර්ශනයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කර නිල ඇඳුමේ ගරුත්වය රැකෙන පරිදි ආරක්ෂක අංශ නැවත ප‍්‍රතිසංවිධානය කරන ලෙසත්, 3. පක්ෂග‍්‍රාහී නීතිපතිවරයා ඉවත්කර නීතිපති දෙපාර්තතමේන්තුව ස්වාධීන ආයතනයක් බවට පත් කරන ලෙසත්, 4. මාර්ගගත සුරක්ෂණ පනත ඉවත් කරන ලෙසත්, 5. මාධ්‍යවේදීන් ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන් ගේ සමාජ සුරක්ෂිතභාවය ඇති කරන ලෙසත් ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමක් ද සිදු කළ අතර එම පෙත්සම රට පුරා නගර 15ක මාධ්‍යවේදීන් ගේ මැදිහත්වීමෙන් මෙම පෙත්සම රටපුරා අත්සන්කරමින් ජනාධිපතිවරයා අතට පත් කිරීමට ද නියමිත ය. එසේම මරාදැමූ සහ අතුරුදන් කළ මාධ්‍යවේදීන්ව මල් සහ පහන් තබා සිහිකිරීමක් ද මෙහි දී සිදු කළ අතර ඉන්පසු ඔවුන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධයක් ද පැවැත්වී ය.

විවිධ අරමුණු පසෙක ලා එක වේදිකාවකට ගොඩ වෙමු

මෙම මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘‘ජනමාධ්‍ය සමාජය’’ එ්කාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා සභාව අමතමින් කියා සිටියේ විවධ අරමුණු සහ න්‍යා‍ය පත‍්‍ර තිබුණ ද අඩුම තරමින් යුක්තිය අහිමි වූ මාද්‍යවේදීන් වෙනුවෙන්වත් අපි සියල්ලන්ට එකම වේදිකාවට එක් වීමට හැකි බවත්, එමගින් ජනමාධ්‍ය සමාජයක් ලෙස අපට පොදු සතුරන්ට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට හැකි බවත් ය.

මෙම වැඩසටහනට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග, සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමා, ශ‍්‍රී ලංකා වෘත්තීය යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ සංගමයේ සභාපති ශ‍්‍රී නිශ්ශංක මායාදුන්නේ, වතු කම්කරුවන්ගේ ප‍්‍රජා මාධ්‍ය සංසදයේ ජාතික සංවිධායක විනොද් සුන්දර් ද අදහස් දැක්වූහ.

black

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න