Image

මානව හිමිකම් කොමිසම වෙතින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

මානව හිමිකම් කොමිසම වෙතින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

රැඳවියන් ආරක්ෂා කිරීමට සහ බන්ධනාගාර වෙත ප්‍රවේශය සහතික කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් HRCSL බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය සහ පසුව අනෙකුත් බන්ධනාගාරවල වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්, රැඳවියන් ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග නිකුත් කරමින් දැනුම් දී ඇත.

කොමිසමේ කනස්සල්ල

මීගමුව බන්ධනාගාරයේ සිට තවත් බන්ධනාගාර කිහිපයකට මාරු කළ රැඳවියන් වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලිවලට ලක්ව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොමිසම බරපතළ කනස්සල්ල පළ කර ඇති අතර වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් ගේ අත්අඩංගුවේ සිටි රැඳවියෙකු ගේ මරණය සහ 2026 ජූලි 7 වන දින රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයට ගිය HRCSL කඩිනම් ප්‍රතිචාර ඒකකයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ද කොමිසම විසින් කනස්සල්ල පළ කර ඇත.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ එහි ව්‍යවස්ථාපිත බලතල නැවත තහවුරු කරමින්, HRCSL නිලධාරීන්ට සියලුම බන්ධනාගාරවලට අසීමිත ප්‍රවේශය සහතික කිරීම, රැඳවියන් පළිගැනීම්වලින් ආරක්ෂා කිරීම, අදාළ සියලු සාක්ෂි ආරක්ෂා කිරීම, චෝදනා සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම සහ කොමිසමේ විමර්ශනයට සම්පූර්ණයෙන් ම සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න