මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ගේ අමුතු ම සෙල්ලම

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ගේ අමුතු ම සෙල්ලම

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කිරීමේ නිරතවන පුද්ගලයා අවස්ථා කීපයක දී ම තම පුද්ගලික හිතවත්කම මත සුදුසුකම් නොලත් පුද්ගලයින් රෝහල තුළට ගෙන්වා රෝගීන් ගේ විකිරණ පරීක්ෂණ සිදු කර රෝගීන්ව විකිරණ අවදානමකට ලක් කිරීමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා අවස්ථා කිහිපයක දී ම සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ ද ඔහුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගත් අතර එවැනි නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයින් තවදුරටත් ආරක්ෂා කරමින් කටයුතු කිරීම බරපතළ ගැටලුවක් වී තිබේ.

රජයේ ගිලන් රථ පෞද්ගලික රෝහල් සේවයට

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයෙහි කටයුතු කරන පුද්ගලයා විසින් රෝගීන් මෙලෙස අවදානමකට ලක් කරනවා මෙන් ම රෝහලෙහි රෝගීන් ගිලන් රථ මගින් පුද්ගලික රෝහල් වෙත යොමු කර මුදල් ගෙවා විකිරණ පරීක්ෂණ සිදු කිරීම ද මේ වන විට සිදුකරගෙන යයි. මෙම පුද්ගලයා මෙලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අදාළ රෝහල වෙත සුදුසුකම් ලත් විකිරණ තාක්ෂණවේදී නිලධාරින් දෙදෙනකු අනියුක්ත කොට සිටිය දී ය. එම නිලධාරීන් ගේ සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පරිබාහිරව අදාළ පරීක්ෂණ සිදු කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුවූ නොකර දිගින් දිගට ම පුද්ගලික රෝහල්වලින් සහ සුදුසුකම්ව ලත් පුද්ගලයින් ගෙන්වා මුදල් ගෙවා පරීක්‍ෂණ සිදු කරවා ගැනීමට කටයුතු සිදු කරයි. මෙලෙස මෙම පුද්ගලයා විසින් සිදුකරනු ලබන අනීතික ක්‍රියාව සඳහා සෞඛ්‍ය සේවාවේ මුදල් විශාල ප්‍රමාණයක් මේ වන විට වැය කර ඇති අතර එම මුදල් ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන් පුද්ගලයින්, එම ගෙවීම් කටයුතු සිදුකළ පුද්ගලයින් ද නීති විරෝධී ආකාරයෙන් කටයුතු ඇති අතර කඩිනමින් එම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ සිදු කර දඬුවම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.

නිසි පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට...

එමෙන්ම රෝහල් පරිශ්‍රය වෙත සුදුසුකම් නොලත් සහ අනවසර පුද්ගලයින් ගෙන්වා පරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව ලබා දී රෝහලේ යන්ත්‍ර උපකරණවලට මෙන්ම විකිරණ ඡායා පටලවලට ද එම පුද්ගලයන් විසින් හානි පමුණුවා ඇත. මේ පිළිබඳව අදාළ රෝහලේ නිලධාරීන් විසින් රෝහල් බලධාරීන්ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුවත් කර ඇතත් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් අදාළ කිසිදු පාර්ශවයක් සිදු කර නොමැත.

සෞඛ්‍ය බලධාරීන්, මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ජාතික රෝහල සහ මාලිගාවත්ත වකුගඩු රෝහලෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට තීරණය කර ඇති අතර තවදුරටත් මේ පිළිබඳව නොසලකා හරින්නේ නම් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සඳහා මේ වන විට තීරණය කර ඇත.

චානක ධර්මවික්‍රම

සභාපති

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න