හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලිසිය කටයුතු කිරීම පිළිබඳ ෆේස්බුක් පෝස්ට්වලට ලැබී ඇති ප්‍රතිචාරවලින් එය ජනතාව අනුමත කර ඇති බව තහවුරු වන්නේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පෙර පැවති කිසිදු ආණ්ඩුවක් නොකළ ආකාරයට වර්තමාන ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සූදානම් වන බවට විවේචන ඇතැයි නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
මාධ්‍ය මර්දනය පිළිබඳ සඳහන් කර ඇත්තේ සංවිධාන සහ පුද්ගලයන් කිහිප දෙනෙකු පමණක් බව ද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
එහෙත් මාධ්‍ය සමග සම්බන්ධයක් නොමැති සාමාන්‍ය ජනතාව බහුතරයකගේ ප්‍රතිචාරය පොලිසිය කටයුතු කරන ආකාරය නිවැරදි බව යැයි ද හෙතෙම සඳහන් කළේය.
ඇමති නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ හරි tv අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

