මාධ්‍ය මර්දනයට වි‌රෝධය දක්වා සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්

මාධ්‍ය මර්දනයට වි‌රෝධය දක්වා සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම සඳහා පොලිසිය, නියාමන බලධාරීන් සහ පරිපාලන යාන්ත්‍රණය දිගින් දිගටම භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත්ම පිළිගත නොහැක්ක් බවත්, මෙම රටාව දිගින් දිගට ම පවත්වාගෙන යෑමට ඉඩ දුන්නහොත් එය මහජන විශ්වාසයට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපයට ද පියවිය නොහැකි හානියක් සිදු කරනු ඇතැයි සර්වජන බලය පක්ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න සඳහන් කරයි.

ඔහු මෙලෙස සඳහන් කරන්නේ ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වේගවත් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ දැඩි විරෝධය නිල වශයෙන් දන්වා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් ඉදිරිපත්කරමිනි.

වර්තමානයේ පවතින්නේ තීරණාත්මක මොහොතක් බවත්, රජය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිති ආරක්ෂා කළ යුතු බවත්, නැතහොත් ඒවා විනාශ කිරීමේ වගකීම රජය ම භාර ගත යුතු වන අතර මෙම ගමන් මග වහාම වෙනස් කරන ලෙස සර්වජන බලය පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

මතු පළ වන්නේ සර්වජන බලය පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න